Home » රට ගොඩනැඟීමට ආණ්ඩුව හා එක්වන්න

රට ගොඩනැඟීමට ආණ්ඩුව හා එක්වන්න

ජනපතිගෙන් සියලු වෘත්තීය සමිතිවලට ආරාධනා

by Mahesh Lakehouse
May 3, 2025 12:40 am 0 comment
‘රට හදන ජන බලය පෙළ ගැසෙන මැයි රැලිය’ නමින් මැයි 1 වැනිදා ගාලුමුවදොර පිටියේදී පැවති ජාතික ජන බලවේගයේ මැයි දින සමරුවට පැමිණි ජනාධිපතිවරයා රැස්ව සිටි ජනතාව ඇමතූ අවස්ථාව. •සේයාරූ - සුලෝචන ගමගේ

රට ගොඩනැඟීම සාර්ථක කරගැනීමට ආණ්ඩුවත් සමඟ එක් වන ලෙස සියලු වෘත්තීය සමිති ව්‍යාපාරවලට ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පසුගියදා (1) ගාලුමුවදොර පිටියේදී පැවති ජාතික ජන බලවේගයේ මැයි දින රැලිය අමතමිනි.

රට පාලනය කරන්නේ රට ගොඩනඟමින් ඉදිරියට ගෙන යෑමට සූදානම් ව්‍යාපාරයක් නිසා මෙරට වෘත්තීය සමිති ව්‍යාපාරයටද පැරණි ඇඳුම් ඉවතලා අලුත් ඇඳුම් ඇඳගැනීමේ කාලය උදා වී තිබෙන බවද ජනාධිපතිවරයා කීය. වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පැවසුවේ අද දේශපාලන ව්‍යාපාරයක් ලෙස පවතින්නේ ජාතික ජන බලවේගය පමණක් බවත්, මේ රටේ අනාගතය සහ ජනතාවගේ අනාගතය මුළුමනින්ම රඳා පවතින්නේ ජාතික ජන බලවේගය අත බව සියලු දෙනා අවබෝධ කරගත යුතු බවත්ය. ‘රට හදන ජන බලය පෙළ ගැසෙන මැයි රැලිය’ තේමාව යටතේ පැවති මේ රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ.

මේ අවස්ථාවට සහභාගි වූ චීන, ඉන්දීය, වියට්නාම් රටවල කොමියුනිස්ට් නියෝජිතයන්ද අදහස් දැක්වූ අතර, ඔවුහු සියලු දෙනා ජාතික ජන බලවේගයේ මැයි රැලියට සුබපැතුම් එක් කළහ.

‘රට හදන ජන බලය පෙළ ගැසෙන මැයි රැලිය’ නමින් මැයි 1 වැනිදා ගාලුමුවදොර පිටියේදී පැවති ජාතික ජන බලවේගයේ මැයි දින සමරුවට පැමිණි අතිවිශාල ජනතාවගෙන් කොටසක්. •සේයාරූ - සුලෝචන ගමගේ

‘රට හදන ජන බලය පෙළ ගැසෙන මැයි රැලිය’ නමින් මැයි 1 වැනිදා ගාලුමුවදොර පිටියේදී පැවති ජාතික ජන බලවේගයේ මැයි දින සමරුවට පැමිණි අතිවිශාල ජනතාවගෙන් කොටසක්. •සේයාරූ – සුලෝචන ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division