බදුල්ල හිඳගොඩ පදිංචි අංජු රාමනායක, අකිල රාමනායක යන නිවුන් සොහොයුරන් දෙදෙනා හා ඔවුන්ගේ සොහොයුරිය වන සමුදි රාමනායක යන තිදෙන මෙවර උසස් පෙළ විභාගය සඳහා ජීව විද්‍යා අංශයෙන් පෙනීසිට විශ්වවිද්‍යාල වරම් හිමි කරගනිමින් බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයටත් සිය පවුලටත් විශාල කීර්තියක් ගෙනදීමට සමත් විය.
මොවුන් තිදෙනාට තම මූලික අධ්‍යාපනය ඇටම්පිටිය මහා විද්‍යාලයෙන් ආරම්භ කිරිමට සිදු වන්නේ තම මව සහ පියා වෛද්‍යවරුන් වීමත්, පියා වන වෛද්‍ය සමන්ත රාමනායක ඒ කාලයේදී ඇටම්පිටිය රෝහලේ ස්ථාන භාර වෛද්‍යවරයා ලෙස කටයුතු කිරීමත් නිසාය. අධ්‍යාපනයට පමණක් සීමා නොවුණු ඔවුන් තිදෙනා තවත් විවිධ අංශ ඔස්සේ දක්ෂතා දක්වා ඇති අතර, තිදෙනාම විනෝදාංශය ලෙස විවිධ සංගීත භාණ්ඩ වාදනයේ සමතුන් වීමද විශේෂත්වයකි.
තම ජයග්‍රහණය පිළිබඳව හඬ අවදි කළ අංජු රාමනායක මෙසේ පැවසීය:
“මම ඉපදුණේ 2005 දෙසැම්බර් 18. මෙවර උසස් පෙළ විභාගයට මම පෙනී සිටියේ ජීව විද්‍යා අංශයෙන්. එහිදී මම ඒ සාමර්ථ්‍ය 3ක් ගත්තා. විභාගය වෙනුවෙන්ම නොවේ එදිනෙදා පාඩම් කටයුතු කරන්න මම කටයුතු කළා. ඒ වගේම ගෙදර දොර වැඩ කටයුතුවලත් යෙදුණා. අම්මයි තාත්තයි ඉතාම කාර්යබහුල රාජකාරියක් කළත් අපි ගැන නිරන්තරයෙන්ම සොයා බැලුවා. මමයි, මල්ලියි, අක්කයි අපි තුන් දෙනාම ගෙදරදි එකට පාඩම් කළා. ඉතිං ඒකත් මගේ ජයග්‍රහණයට හේතුවක් වුණා. මම දිස්ත්‍රික්කයේ 4, දිවයිනේම 117 වැනියා ලෙස තමයි විභාගය සමත් වුණේ. මගේ මේ ජයග්‍රහණය ලබාගන්නට මගේ මවුපියන්ට අමතරව මගේ විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු සියලු ගුරුවරුන් උදවු උපකාර කළා. ඒ වගේම මගේ අක්කයි, මල්ලියි ගොඩක් සහයෝගය දුන්නා. අපි තුන්දෙනාම එකටම වගේ තමයි වැඩ කළේ. මගේ අනාගත බලාපොරොත්තුව විශ්වවිද්‍යාලයට ගිහින් හොඳට ඉගෙනගෙන මගේ මවුපියන් දෙන්නා වගේ හොද යහපත් වෛද්‍යවරයකු වීමයි.”
අකිල රාමනායක අදහස් දක්වමින් පවසා සිටියේ මෙලෙසිනි:
“මට මෙවර උසස් පෙළ විභාගයෙන් ඒ දෙකයි බී එකක් ලෙස ප්‍රතිඵල තිබෙනවා. දිස්ත්‍රික්කයේ 52. මේ ජයග්‍රහණය ලබන්න මට විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු සියලු ගුරු මෑණිවරුන් හා පියවරුන් විශාල සහහෝගයක් දුන්නා. ඒ වගේම අපේ මවුපියන්, බාහිර පන්තිවල ගුරුවරුන්ද උදව් කළා. ඒ සැමගේම බලාපොරොත්තුව ඉෂ්ට කරන්න මට හැකි වීම පිළිබඳ පුදුමාකාර සන්තෝෂයක් තිබෙන්නේ. මම වැඩියෙන්ම පාඩම් කටයුතු කළේ මගේ අක්කා සහ අයියා එක්ක එකතු වෙලා. එ්කෙන් ගොඩක් සාර්ථක වුණා කියලා මට හිතෙනවා. මගෙත් අනාගත බලාපොරොත්තුව වෛද්‍යවරයකු වීමයි.”
“මම සමුදි රාමනායක. උසස් පෙළ විභාගයේදී ඒ සාමර්ථ්‍ය තුනක් තිබෙනවා. ඒ වගේම දිස්ත්‍රික්කයේ හය. ලංකාවෙන්ම 121 වැනියා හැටියට විභාගය සමත් වන්නට හැකියාව ලැබුණා. මම මුලින්ම පාසල් ගියේ ඇටම්පිටිය පාසලට. ඊට පස්සේ බදුල්ල විශාඛා විද්‍යලයට ඇවිත් 5 ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටියා. පසුව බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වුණා. උසස් පෙළින් මේ ප්‍රතිඵලය ගන්නට ගොඩක්ම උදවු කළේ අම්මයි තාත්තයි. ඒ වගේම විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයටත්, උපකාරක පන්තිවලදි උදව් කළ සියලු දෙනාටත් ස්තුතියි. අධ්‍යාපන කටයුතුවලට අමතරව මම ඉවුම් පිහුම් කටයුතු කරන්න අම්මාට උදව් උපකාර කළා. විවේක වේලාවට මල්ලිලා දෙන්නා එක්ක ක්‍රීඩා කළා. සංගීත භාණ්ඩ වාදනය කරනවා, පොත්පත් කියවනවා. මගෙත් බලාපොරොත්තුව වෛද්‍යවරියක් වෙලා අපේ රටට සේවයක් කිරීමයි.”
තම දරුවන් තිදෙනාගේ ජයග්‍රහණය පිළිබඳ සිනාමුසුව අදහස් පළ කළ මව වෛද්‍ය චන්දිමා ජයසිංහ:
“මම බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක ලෙස කටයුතු කරනවා. මගේ දරුවො තුන්දෙනා ලබපු මේ ජයග්‍රහණය ගැන මට ඉතාම සතුටුයි. ඒකට ඔවුන්ට බදුල්ල මධ්‍ය මහ විද්‍යාලයේ විදුහල්පතිතුමා සහ ආචාර්ය මණ්ඩලයත්, උපකාරක පන්තිවල ගුරුවරුනුත් දායක වුණා. අපේ රාජකාරි තත්ත්වය අනුව විශාල වශයෙන් දරුවන්ට කැප වෙන්න බැරි වුණා. ඒත් පුළුවන් හැම වෙලාවෙම හොයා බැලුවා. තුන්දෙනා එකට තමයි පාඩම් වැඩ කළේ. ඇත්තටම මවක ලෙස මට විශාල සතුටක් දැනෙනවා මේ ජයග්‍රහණය පිළිබඳ.
ඔවුන්ගේ පියා වන වෛද්‍ය සමන්ත රාමනායක:
“මගේ දරුවෝ තුන්දෙනාගෙන් දෙදෙනෙක් නිවුන් සහෝදරයෝ. දුව තමයි පවුලේ වැඩිමලා. තුන්දෙනාම අපොස සාමාන්‍ය පෙළ විභාගයේදි ඒ සාමර්ථ්‍ය 9 බැගින් අරන් විභාගය ඉහළින්ම සමත් වුණා. උසස් පෙළ විභාගයේදි උසස් ප්‍රතිඵල පෙන්නන්න ඔවුන්ට හැකියාව ලැබුණා. තුන්දෙනා එක්ව සාකච්ඡා කරමින් ගැටලු විසඳාගෙන ඉගෙනගන්නට අවශ්‍ය පරිසරය නිවෙස තුළ නිර්මාණය කරගනිමින් කටයුතු කළා. ඒ නිසා මටයි මගේ බිරියටයි ඒවාට බාහිරින් මැදිහත්වීමක් සිදු කරන්න අවශ්‍ය වුණේ නෑ. අපි උත්සාහ කළේ ඒ අයගේ ආකල්ප හා ගුණධර්ම ප්‍රගුණ කරන්න. ඒ දේ කරලා, ඔවුන් තිදෙනාගේ මානසික මට්ටම ඉහළින් තබාගෙන අධ්‍යාපන කටයුතු කරගන්න අවශ්‍ය වැඩ කටයුතු කර දුන්නා. ඉතින් එහි ප්‍රතිඵලය ඔවුන් තිදෙනා මටත් මගේ බිරිදටත් ලබා දුන්නා. ඒ පිළිබඳව සන්තෝෂයි.”