මේෂ – ව්‍යාපාර අංශවලින් ලාභ
සඳු ගමන් ගන්නේ 5, 6, 7 යන භාවයන් මතිනි. දරුවන්ගේ ජනශ්‍රැති පිළිබඳ සතුට ගෙන දෙයි. සතුරු කරදර අඩු වෙයි. ව්‍යාපාර අංශවලින් ලාභ ප්‍රයෝජන ගෙන දෙන අතර පොදු සමාජීය වැඩ මෙන්ම පුණ්‍ය කටයුතුවලට ද දායකත්වය සපයයි. කීර්ති ප්‍රශංසා හිමිවෙයි. අපල අවම වීමට පෙරවරුවේ සූර්ය පිරිත කියන්න.
සුබ අංක – 4, 5 / සුබ වර්ණ – රතු, නිල් / සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා
වෘෂභ – දරුවන්ගේ දියුණුව
සඳු ගමන් ගන්නේ 4, 5, 6 යන භාවයන් මතිනි. ගෘහ ජීවිතය තුළ කටයුතු සඵල වේ. දරුවන්ගේ දියුණුව වෙනුවෙන් වෙහෙසී වැඩ කරයි. ප්‍රමාද වූ විවාහවලට යෝජනා ගෙන දෙයි. මවගේ උදවු උපකාර, දේපළ, නිවාස පිළිබඳ ගැටලුවලට බොහෝදුරට විසඳුම් ලැබේ. රැකියාව සම්බන්ධව ඇවිදිලි යෙදේ. ආර්ථිකය ශක්තිමත් සහ වෙනත් ලැබීම්වලට හේතුයි. අපල අවම වීමට වර්ණ කීපයක මල් බුදුන්ට පූජා කර දෙවියන්ට පින් දෙන්න.
සුබ අංක – 6, 8 / සුබ වර්ණ – කොළ, සුදු / සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා
මිථුන – සහජ දක්ෂතා ඔප්නැංවේ
සඳු ගමන් ගන්නේ 3, 4, 5 යන භාවයන් මතිනි. සහජ දක්ෂතා වැඩිදියුණු වන ස්වයං රැකියා වැනි ව්‍යාපාරවලින් ලාභ ලබන සතියකි. සහෝදර උපකාර හිමිවේ. මාපිය දූදරු සොහොයුරු බැඳීම් වර්ධනය වේ. පදිංචි ස්ථානයේ දියුණුව පිණිස උනන්දු වේ. ආර්ථිකය ශක්තිමත් බවක් උසුලයි. පුණ්‍ය කටයුතු සිදු කරයි. අපල අවම වීමට කුඩා දරුවන්ට ආරක්ෂාව දෙන්න.
සුබ අංක – 3, 5 / සුබ වර්ණ – කොළ, කහ / සුබ දවස් – බදාදා, සිකුරාදා
කටක – ධන ලාභ
සඳු ගමන් ගන්නේ 2, 3, 4 යන භාවයන් මතිනි. කුමන ආකාරයෙන් හෝ මිල මුදල් තත්ත්වය යහපත් වේ. සහජ හැකියාවන්ට ඉඩකඩ විවර වේ. ගෘහ ජීවිතය සාමකාමී අයුරින් ගෙවී යයි. පුණ්‍ය කටයුතුවලට දායකත්වය ගෙන දෙන රැකියා, ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන ගෙනදෙන සතියකි. විදෙස් ගමන් පිළිබඳ සුබ පණිවුඩ ලැබෙයි. අපල අවම වීමට සුදු මල් පූජා කර පත්තිනි දේවියට පින් දෙන්න.
සුබ අංක – 2, 7 / සුබ වර්ණ – රතු, සුදු, කහ / සුබ දවස් – අඟහරුවාදා, සඳුදා
සිංහ – ධෛර්යවත් සතියකි
සඳු ගමන් කරන්නේ ලග්නයේ 2, 3 යන භාවයන් මතිනි. අන්‍යයන්ට උදවු උපකාර කරමින් රැකියා, ව්‍යාපාරවල නියැළෙමින් සැනසීමෙන් කල් ගෙවයි. වචනයට බොහෝ දෙනෙකුගේ සිත් පැහැදෙයි. සහජ දක්ෂතා ඔප්නැංවෙයි. මවගේ උදවු උපකාර හිමිවෙයි. සමාජීය වශයෙන් සහ නැති බැරි අය වෙත අතහිත දෙයි. ධෛර්යවත්ව නැඟී සිටීමට ශක්තිය උපදවයි. අපල අවම වීමට ඉවසීමට පුරුදු වන්න.
සුබ අංක – 5, 6 / සුබ වර්ණ – රතු, තැඹිලි / සුබ දවස් – අඟහරුවාදා, බදාදා
කන්‍යා – අතමිට සරු වේ
සඳු ගමන් ගන්නේ 12 ලග්නය හා දෙවැන්න හරහාය. ආරම්භක දිනය නීතිමය කටයුතුවලදී ප්‍රවේසම් වන්න. බුද්ධිමත්ව සියලු කටයුතු කරගැනීමේ ශක්තිය ගෙන දෙයි. අතමිට සරුවේ. දේශපාලනික හෝ පොදු සමාජීය වැඩ නිසා අවිවේකය මතු කරයි. ව්‍යාපාර සහ රැකියා අංශවලින් ලාභ උපයයි. අභියෝගාත්මක ගැටලු හමුවේ නොබියව සාර්ථකත්වය පසුපස හඹා යයි. අපල අවම වීමට කොහොඹ පැළයකට සත්කාර කරන්න.
සුබ අංක – 5, 7 / සුබ වර්ණ – සුදු, කොළ / සුබ දවස් – සිකුරාදා, බදාදා
තුලා – ඥාති හිතවතුන්ගේ උපකාර
සඳු ගමන් ගන්නේ 11, 12 ලග්නය යන භාවයන් මතිනි. ඥාති හිතවත් අයගෙන් උදව් උපකාර මෙන්ම වෙනත් ලැබීම් ද පෙන්නුම් කරයි. දරුවන් පිළිබඳ සතුටු විය හැකි අතර තෙවන දිනයේ පාඩුවක් සිදුවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. සමාජශීලී වැඩට යොමුවෙයි. ගෘහ ජීවිතය තුළ ප්‍රමාද වී තිබූ වැඩකට අත ගසයි.
සුබ අංක – 4, 7 / සුබ වර්ණ – තැඹිලි, සුදු / සුබ දවස් බදාදා, සෙනසුරාදා
වෘශ්චික – නව ව්‍යාපාර ආරම්භයක්
සඳු ගමන් ගන්නේ 10, 11, 12 යන භාවයන් මතිනි. රැකියා, ව්‍යාපාර අංශවලින් ලාභ ප්‍රයෝජන ගත හැකි අතර නව ව්‍යාපාර ආරම්භයට ද සුදුසු සතියකි. දුර ගමන් බිමන් යෙදිය හැකි අතර සිත් රිදීමක් හෝ පාඩුවක් ගෙනදිය හැකි බැවින් බුද්ධිමත්ව කටයුතු කරන්න. දරුවන්ගේ අධ්‍යාපනික ප්‍රගතිය ඇති කරයි. අපල අවම වීමට අඟහරුවාදා බෝධි පූජා තබන්න.
සුබ අංක – 2, 7 / සුබ වර්ණ – රතු, තැඹිලි / සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
ධනු – පුණ්‍ය සිතුවිලි ඇති කරයි
සඳු ගමන් ගන්නේ 9, 10, 11 යන භාවයන් මතිනි. පුණ්‍ය සිතුවිලි සහිතව ආරම්භ කෙරෙන මේ සතිය රැකියා, ව්‍යාපාර සඳහා වැඩි කැප කිරීමක් කරන ඒවායින් ලාභ ප්‍රයෝජන ගෙන දෙන සතියකි. පදිංචි ස්ථානයේ දියුණුවට වැඩ කොටසක් ආරම්භ කෙරෙයි. දරුවන්ගේ සියලු යහපත් බලාපොරොත්තුවලට සුබපල ගෙන දෙයි. අපල අවම වීමට බෝමළුව අමදින්න.
සුබ අංක – 7, 9 / සුබ වර්ණ – තැඹිලි, ළා කොළ / සුබ දවස් – බදාදා, සිකුරාදා
මකර – රැකියා ලාභ
සඳු ගමන් ගන්නේ 8, 9, 10 සහ භාවයන් මතිනි. විදෙස් ගමන් යෙදිය හැකි අතර සහකරු හෝ සහකාරියගේ උරුමයක් ලැබීමේ භාග්‍ය ඇත. රැකියා ලාභ පවතී. දැනට කරගෙන යන රැකියා අංශ විදෙස් රැකියා ආදියෙන් පල ප්‍රයෝජන හිමිකර දෙයි. ගෘහ ජීවිතය තුළ සාමය රඳා පවතී. අපල අවම වීමට තිරිසන් සතුන්ට ආහාර, ජලය දෙන්න.
සුබ අංක – 8, 9 / සුබ වර්ණ – නිල්, රතු / සුබ දවස් – බදාදා, සිකුරාදා
කුම්භ – විදෙස් ගමන් යෙදේ
සඳු ගමන් ගන්නේ 7, 8, 9 යන භාවයන් මතිනි. ආර්ථිකය ශක්තිමත් සහ විදෙස් ගමන් යෙදිය හැකි සතියකි. ව්‍යාපාර කටයුතු සඳහා සමාජ සේවා හා සුබ සාධන පරාර්ථකාමී වැඩවලට යොමුවේ. සතියේ අගදී පුණ්‍ය කටයුත්තකට සහභාගී වේ. ගෙදර දොර අලුත්වැඩියා කිරීම් ඇතිවේ. අපල අවම වීමට රෝගීන්ට සලකන්න.
සුබ අංක – 7, 9 / සුබ වර්ණ – රතු, සුදු, කහ / සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා
මීන – ව්‍යාපාර දියුණු වේ
සඳු ගමන් ගන්නේ 6, 7, 8 යන භාවයන් මතිනි. ලාභ මෙන්ම පාඩු ද සිදුවන අසනීප ගති සුව කරන සතියකි. රැකියා, කර්මාන්ත සඳහා ඇවිදිලි වැඩි වේ. පොදු වැඩ සහ ගමන්බිමන්වලදී සුහද කල්‍යාණ මිතුරු මිතුරියන් මුණගැසේ. ව්‍යාපාරවලට හොඳ සේවකයන් හමුවේ. ඒවා දියුණු වේ. අපල අවම වීමට බෝධියට පැන් කළයක් දමන්න.
සුබ අංක – 4, 9 / සුබ වර්ණ – රතු, කහ / සුබ දවස් – බ්‍රහස්පතින්දා, අඟහරුවාදා