Home » මහජන බැංකුවේ කොම්පඤ්ඤවීදිය ශාඛාව නව පරිශ්‍රයකට

මහජන බැංකුවේ කොම්පඤ්ඤවීදිය ශාඛාව නව පරිශ්‍රයකට

by Mahesh Lakehouse
May 3, 2025 12:30 am 0 comment

මහජන බැංකුවේ කොම්පඤ්ඤ වීදිය සේවා මධ්‍යස්ථානය නව පරිශ්‍රයක විවෘත කිරීම පසුගියදා සිදු කෙරිණි.

මහජන බැංකුවේ උද්‍යාන වීදිය ශාඛාවට අනුබද්ධිත මෙම සේවා මධ්‍යස්ථානය කොළඹ 02. කුමාරන් රත්නම් මාවත, අංක 90 දරන ස්ථානයේ ස්ථාපිත කර ඇති අතර, අතිනවීන ඩිජිටල් තාක්ෂණයෙන් සහ සුවිශේෂ සේවාවන්ගෙන් සමන්විතය. එමෙන්ම මෙහි ස්ථාපිත කර ඇති මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකකය (Self Banking Unit) තුළින් මුදල් ආපසු ගැනීමේ සහ මුදල් තැන්පත් කිරීමේ පහසුකම් සතියේ දින 7 පුරා දිනපතා පැය 24 පුරාම අත්විඳිය හැකිය. මේ අවස්ථාවට මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනා කරණ) නලින් පතිරණගේ, සහකාර සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) අයි.කේ ඉන්දික ඇතුළු මහජන බැංකුවේ නිලධාරීන් සහ ගනුදෙනුකරුවෝ රැසක් සහභාගී වූහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division