Home » සුරාඩෝ කැම්පස් 2024 උපාධි ප්‍රදානෝත්සවය සාර්ථකව නිමා වේ

සුරාඩෝ කැම්පස් 2024 උපාධි ප්‍රදානෝත්සවය සාර්ථකව නිමා වේ

by Mahesh Lakehouse
May 3, 2025 12:30 am 0 comment

GSDCN සමූහ ව්‍යාපාරයට අයත්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ වෘත්තීය පුහුණු ආයතනයක් වන Surado Campus of Business Management ආයතනය ශ්‍රී ලාංකිකයින් සඳහා උපස්ථායක, ඖෂධවේදය සහ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍ර සඳහා වෘත්තීය සුදුසුකම් පිරිනමනු ලබයි. එහි 2024 අධ්‍යයන වර්ෂය සඳහා වූ උපාධි ප්‍රදානෝත්සවය අතිඋත්කර්ෂවත් ලෙස BMICH හි දී පවත්වන ලදි.

සිය පාඨමාලා කාලය පුරාවට කැපී පෙනෙන දක්ෂතා පෙන්නුම් කළ 200කට අධික අපේක්ෂකයින් සඳහා මෙහි දී උපාධි පිරිනැමිණි. මෙය රැකවරණ සපයන්නන් සඳහා ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විශාලතම උපාධි ප්‍රදානෝත්සවය වේ. මෙම අවස්ථාවට ඉන්දියාවේ විශ්ව භාරතී විශ්වවිද්‍යාලයේ පුරාණ ඉන්දියානු සංස්කෘතික හා පුරාවිද්‍යා අංශයේ සහකාර මහාචාර්ය ආචාර්ය බීනා ගාන්ධි ඩිඕරි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ අතර, නයින්වේල්ස් රෝහලේ ප්‍රධාන විධායක නිලධාරී සහ වෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය විභාෂ් විජේරත්න ඇතුළු ආරාධිතයෝ රැසක් සහභාගි විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division