ආසිරි සෙන්ට්‍රල් රෝහලේ හෘද සත්කාර ඒකකය පසුගියදා ළමයින් සඳහා වන හෘද සැත්කම් වර්ගයක් වන සංජානීය හෘද රෝග සැත්කම් වැඩසටහන ආරම්භ කළේය.
මේ යටතේ සිදු කරන ලද පළමු Atrial Septal Defect (ASD) හෘද සැත්කම කොළඹ රිජ්වේ ආර්යා රෝහලට සහ ආසිරි සෙන්ට්‍රල් රෝහලට සේවය කරන විශේෂඥ හෘද උරස් ශල්‍ය වෛද්‍ය එම් එස් මුහුන්තන් මහතා (MBBS (Jaf), MD Surgery (Col), MRCS (Eng), MRCSEd) විසින් සිදු කෙරිණි. විශේෂඥ නිර්වින්දන වෛද්‍ය අසිත දසනායක මහතා (MBBS, MD) මෙම සැත්කම සඳහා සිය විශේෂඥ දායකත්වය සැපයීය. සැත්කමේ වියදම, ශ්‍රී ලංකා රජය විසින් ලබාදෙන සුරක්ෂා රක්ෂණ සැලසුම හරහා සිදු කෙරුණු අතර, එය, රිජ්වේ ආර්යා ළමා රෝහලේ පොරොත්තු ලේඛනයේ දීර්ඝ කාලයක් රැඳී සිටීමට සිදු ව තිබූ මෙම දරුවාට මහත් අස්වැසිල්ලක් විය.