Home » ලංකා බැංකුවෙන් රු.බි. 666ක වාර්තාවක්

ලංකා බැංකුවෙන් රු.බි. 666ක වාර්තාවක්

by Mahesh Lakehouse
May 3, 2025 12:30 am 0 comment

ලංකා බැංකුව, 2025 අලුත් අවුරුදු සමයේ දී රුපියල් බිලියන 666කට අධික ගනුදෙනු සඳහා පහසුකම් සැලසීම තුළින් මෙරට බැංකු ක්ෂේත්‍රයේ නායකත්වය යළි තහවුරු කිරීමට සමත් වූ බව ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා මෙහෙයුම්) ප්‍රියල් සිල්වා පැවැසීය.

2025 අප්‍රේල් 01 සිට 15 දක්වා කාලය තුළ ලංකා බැංකුවේ ගනුදෙනුකරුවන් POS යන්ත්‍ර ඔස්සේ ගනුදෙනු 3, 236, 318ක් සිදු කර ඇති අතර, එහි වටිනාකම රු. බි. 13.57කි. එමෙන් ම අදාළ කාල සීමාව තුළ බැංකුවේ 568ක් වූ ATM ජාලය හා 932ක් වූ CRM ජාලය ඔස්සේ සිදු කෙරී ඇති ගනුදෙනු 9, 173, 642ක වටිනාකම රු. බි. 211.97කි. අප්‍රේල් 7 සිට 12 දක්වා, ලංකා බැංකු ශාඛා 658 හරහා සිදු කෙරුණු ගනුදෙනු 961, 966ක මුළු වටිනාකම රුපියල් බිලියන. 440.4කි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division