Home » ජෝන් කීල්ස් පදනම 20 වැනි සංවත්සරය ඉහළින් සමරයි

ජෝන් කීල්ස් පදනම 20 වැනි සංවත්සරය ඉහළින් සමරයි

by Mahesh Lakehouse
May 3, 2025 12:30 am 0 comment

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ආයතනික සමාජ සත්කාරක අංශය වන ජෝන් කීල්ස් පදනම (John Keells Foundation (JKF)] සිය 20 වැනි සංවත්සරය වෙනුවෙන් විශේෂ උත්සවයක් පසු ගියදා පැවැත්විණි. එම අවස්ථාවට රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන, පෞද්ගලික අංශයේ සමාගම්, අධ්‍යාපන ආයතන, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සහ ප්‍රජා මූලික සංවිධාන ඇතුළු ප්‍රධාන පෙළේ පාර්ශ්ව රැසක් සහභාගි වූහ.

“ජෝන් කීල්ස්_පදනම යනු ශ්‍රී ලංකාවේ මුල්ම ආයතනික සමාජ වගකීම් ආයතන අතරින් එකක්. එය ‘බලගන්වමු දේශය හෙට දිනට’ යන දැක්ම යටතේ, රටේ ජාතික මට්ටමේ ප්‍රමුඛතාවන්, තිරසර සංවර්ධන අරමුණු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ මූලධර්මවලට සමගාමීව ඵලදායී හා තිරසර වැඩසටහන් රාශියක් ක්‍රියාවට නංවා තිබෙනවා. පසුගිය දශක කිහිපය තුළ මෙම සමාජ මෙහෙවර අපගේ පැවැත්මේ අනිවාර්ය අංගයක් බවට පත් වී තිබීම සතුටට කරුණක්….” ජෝන් කීල්ස් සමූහයේ සමූහාධිපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා පැවසීය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division