Home » කොමර්ෂල් බැංකු ප්‍රධාන කාර්‌යාලයේ නව ආයතනික ශාඛාවක් විවෘත කෙරේ

කොමර්ෂල් බැංකු ප්‍රධාන කාර්‌යාලයේ නව ආයතනික ශාඛාවක් විවෘත කෙරේ

by Mahesh Lakehouse
May 3, 2025 12:30 am 0 comment

කොළඹ 1, ශ්‍රීමත් රසික් ෆරීඩ් මාවතේ (බ්‍රිස්ටල් වීදිය) අංක 21 දරන ස්ථානයේ කොමර්ෂල් හවුස්හි බැංකුවේ ප්‍රධාන කාර්‌යාලයේ පිහිටි නැවත නම් කරන ලද ආයතනික ශාඛාව, ආයතනික ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සඳහා පමණක් සකස් කරන ලද ප්‍රමුඛතම මූල්‍ය මධ්‍යස්ථානයක් වන බවත් මෙය ශ්‍රී ලංකාවේ මෙවැනි ආකාරයේ සේවාවක් සපයන පළමුවැන්න ලෙස සැලකෙන බවත් බැංකුව පැවසුවේය.

“අපගේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ පිහිටා ඇති ඩෙල්ෆ් ගේට්ටුව ඓතිහාසික ලන්දේසි කොටුවට මාර්ගය විවෘත කළ ආකාරයට අපගේ අභිලාෂය වන්නේ නව ආයතනික ශාඛාව ජාත්‍යන්තරයට විහිදෙන සමෘද්ධිමත් ව්‍යාපාරික සහයෝගිතාවයේ නව යුගයක් නිර්මාණය කරනු ඇති බවයි…’ මේ පිළිබඳ අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා පැවසීය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division