පොදු දේපොළ සුරකිමු
පොදු දේපොළ යනු අප සැමට පොදුවේ පරිහරණය කළ හැකි නිශ්චල හෝ චංචල දේවල්ය. ඒවා පරිහරණය කිරීමෙන් අපට අපේ සේවා කාර්යක්ෂමව සිදු කරගත හැකිය.
වර්තමානයේ මිනිසා පොදු දේපොළ අනිසි ලෙස භාවිත කර ඒවා කඩා බිඳ දැමීට පෙලඹි ඇත. උදාහරණ ලෙස: පුස්තකාලවල පොත් සොරකම් කිරීම, පොත් රැගෙන ගිය පසු නිසි වේලාවට භාර නොදීම, මහමඟ විදුලි පහන් නිසි වේලාවට නිවා නොදැමීම, ඒවා කඩාබිඳ දැමීම, බස් රථවල අසුන් කුරුටු ගෑම, කවර ඉරා දැමීම ආදිය උදාහරණ ලෙස දැක්විය හැකිය.
පොදු දේපොළ ආරක්ෂා කිරීම, ඒවා හෙට පරපුරට රැක දීම අපේ යුතුකමකි. මෙය අප කුඩා කාලයේ සිටම පුරුදු පුහුණු කළ යුත්තකි.
ආකාෂ් සත්‍යජීත් ගුණරත්න
8 ශ්‍රේණිය, රුවන්වැලි මධ්‍ය මහා විද්‍යාලය,
හොරොව්පතාන.
****************
හෙදිය
හෙදිය රෝගීන් සුවපත් කිරීමට බොහෝ වෙහෙසෙයි. ඇය බොහෝ කාරුණිකය. ඇය සේවය සපයන්නේ රෝහලකයි. ඇය වෛද්‍යවරයාගේ උපදෙස් අනුව සේවය කරයි.
දෙනෙත් ප්‍රභාෂ්වර
4 ශ්‍රේණිය ‘සී’,
මාම්පේ කනිෂ්ඨ විද්‍යාලය,
පිළියන්දල.
**************
මගේ රට
මගේ රට ශ්‍රී ලංකාවයි. එය ඉන්දීය සාගරයේ පිහිටි දූපතකි. එය හඳුන්වන්නේ ඉන්දීය සාගරයේ මුතුඇටය කියාය. මගේ රට ගංගා දියඇලිවලින් ලස්සන වුණ, විදේශිකයන් නිතර යන එන සුන්දර රටකි. අපේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ජාතිකයෝ සමඟියෙන් වෙසෙති. මගේ රටේ ජාතික පුෂ්පය නිල් මහනෙල් මලය. එමෙන්ම ජාතික වෘක්ෂය නා ගසයි. මම මගේ රටට හරි ආදරෙයි.
ෆාතිමා රීස්මි
6 ශ්‍රේණිය, ජීනියස් ජාත්‍යන්තර පාසල,
පොල්ගහවෙල.
*************
පරිසරය රැකගමු
පරිසරය යනු දෙවියන්ගෙන් අපට ලැබුණ වටිනා සම්පතකි. පරිසරය යන වචනයෙන් අදහස් වන්නේ ගස්වැල්, සතුන්, මිනිසුන්, ජලය, වාතය යන කොටස් ගැනය. පරිසරය රැකීම අප සැමගේ යුතුකමයි.
අතීතයේ මිනිසුන් පරිසරයට සතා සිවුපාවට මෙන්ම ගස් වැල්වලටද සැලකුවේ දෙවියකු ලෙසයි. අතීතයේ සමහර මිනිසුන් තමාගේ දුක පරිසරයට කියා හිත පහදා ගත්තා. එකල මිනිසුන් කවදාවත් පරිසරයට කැළිකසළ බැහැර කළේ නෑ. ඒ වෙනුවට ගස් හිටෙවුවා. ඒ කාලේ මිනිස්සු කවදාවත් ගස් කැපුවෙ නෑ. ඒ වෙනුවට ගස් වැල්වලට මල් තියලා වැන්දා. අතීතයේ මිනිස්සු පොලිතීන්, ප්ලාස්ටික් වැනි පරිසරයට අහිතකර දේවල් භාවිත කළේ නෑ. ඔවුන් ඒ වෙනුවට පරිසරයට හිතකර දේවල් භාවිත කළා. එකළ රජවරු පරිසරයට ලොකු සේවයක් ඉටු කළා.
ඒත් වර්තමානයේදී පරිසරය දූෂණය වෙමින් පවතී. මිනිසුන්ගේ නොසැලකිලිමත් වැඩ නිසා පරිසරය තවත් විනාශ වෙමින් ඇත. මේ නිසා ජීවීන් විශාල සංඛ්‍යාවක් මිය යයි. මෙවන් තත්ත්වයක් නැවත්වීමට නම් ඇත්තේ එක විසඳුමයි. ඒ මෙවන් නොසැලකිලිමත් වැඩ නොකර පරිසරය සුරකීමයි.
කේ. එම්. ගීතාවි සෞභාග්‍යා
7 ශ්‍රේණිය, සී.ඩබ්.ඩබ්.
කන්නන්ගර මැදි විදුහල,
මතුගම.
************
ඉර පායනවා
සමනොළ කඳු මුදුනේ සිට
ඉර පායා නැඟ එනවා
පාට පාට මල් පිපිදී
උදෑසනම හැඩ වෙනවා
පුංචි පුංචි සමනල්ලූ
අහස පුරා පියඹනවා
සුදු පාටට පේළි සැදි
විදුහල වෙත අප යනවා
හිරුජ ඩියෑන්
6 ශ්‍රේණිය,
ඒෂියන් ග්‍රෑමර් පාසල,
ගොතටුව.
***********
පාට පාට මල්
කහපාටින් මල් පිපිලා
රතුපාටින් මල් පිපිලා
පාට පාට මල් පිපිලා
අපේ ගෙදර හරි හැඩයි
සුදු පාටයි වතු සුදුමල්
රතු පාටයි සපත්තු මල්
කහ පාටයි අටපෙති මල්
හරි සුවඳයි සමන් පිච්ච මල්
ජේ. ඒ සනුලි
3 ශ්‍රේණිය,
ලුම්බිණි විදුහල,
කොළඹ 05.
***********