පාසල් වියේ පටන්ම පුංචි පුංචි කවි නිර්මාණ කළ සුරංගි දිසානායක අද වන විට යොවුන් පරපුර අතර බෙහෙවින් ජනප්‍රිය ගී පද රචිකාවියකි. ඈ ලියූ මුල්ම ගීතය වන්නේ සමන්සිලා සූරියපතිර ගායිකාව ගයන ‘තාමත් පෙර වාගේ ‘ ගීතයයි. ඉන් පසුව ඇය දිගින් දිගටම ගීත නිර්මාණය කරන්නට පෙලඹුණාය. මේ වන විට ඇය විසින් ලියූ ගීතයක් බෙහෙවින් ජනප්‍රියය. ඒ ජනප්‍රිය ගායන ශිල්පී සුනීර සුමංගයන් ගයන ‘සඳ දිනෙක ඇවිත් ‘ ගීතයයි. එම ගීතය සංගීතවත් කරන්නේ ප්‍රවීණ සංගීතවේදී දර්ශන වික්‍රමතුංගයන්ය.
“පාසල් වියේ සිටම කවි නිසඳැස් ලිවීමට හුරුව සිටි මට ගීත ලියැවුණේ චතුර ජයසිංහ අයියාගේ දිරිමත් කිරීම නිසයි. ඉන් පස්සේ තමයි මට සින්දු ලියන්න තියෙන ආසාව වැඩි වුණේ. මම ලියූ ගීත අතුරෙන් වඩාත් ජනප්‍රිය වුණේ සුනීර සුමංග ගයන සඳ දිනෙක ඇවිත් කියන ගීතය. ඒ ගීතයට යූ- ටියුබ් විව්ස් ගොඩක් ලැබුණා. මේ වන විට මම ගීත අටක් පමණ ලියා තිබෙනවා. මම ලියූ ගීත අහලා කවුරු හරි ඒ ගැන ප්‍රතිචාර දැක්වීම ලොකු සතුටක්. එය මට තවත් නිර්මාණයක් කරන්න මඟ පෙන්වීමක් වැනියි “සුරංගී එසේ පවසන්නීය.
සිතුමිණි ගුණරත්න