ඉකුත් අප්‍රේල් 1 වැනිදා සිට තැන්පතු මුදල් මත අය කෙරෙන 10%ක රඳවා ගැනීමේ බද්දේ සහනය හිමිවන වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 18ට අඩු ආදායම්ලාභීන්ට එම සහනය ලබාගැනීමට බැංකු හා මූල්‍ය ආයතන වෙත ස්වයං ප්‍රකාශන (පෝරම) ලබාදිය හැකි බවත් මෙතෙක් ටින් (TIN) අංකය ලබාගෙන නොමැති අයට වුවද බැංකු වෙත එම ප්‍රකාශනය ලබාදිය හැකි බව දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් කේ. එස්. ශාන්ත පවසයි.
ගනුදෙනුකරුවන්ගේ ස්වයං ප්‍රකාශනය ටින් අංකය නොමැතිව වුවද බැංකු සහ මූල්‍ය ආයතන විසින් බාර ගත යුතු බවත් ටින් අංකය නොමැතිව ප්‍රකාශන ලබා දෙන අයගේ තොරතුරු බැංකු සහ මූල්‍ය ආයතන විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම් දීමෙන් පසු ටින් අංකය ලබා දීමට කටයුතු කරන බව කී නියෝජ්‍ය කොමසාරිස්වරයා වැරැදි ප්‍රකාශන මූල්‍ය ආයතනවලට ලබා දෙන පුද්ගලයන්ට එරෙහිව දේශීය ආදායම් පනතේ විධිවිධාන යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බවද පැවැසීය.