Home » කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරයේදී පින්කම් මාලාවක්

කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරයේදී පින්කම් මාලාවක්

by Mahesh Lakehouse
April 26, 2025 12:28 am 0 comment

මැයි මස 12 වැනිදාට යෙදෙන වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් පූජ්‍ය දෙල්මැල්ලේ ශ්‍රී සුමනරතන හිමිපාණන්ගේ (කොබවක පොඩි හාමුදුරුවෝ) අනුශාසකත්වයෙන් කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරයේදී පින්කම් මාලාවක් පැවැත්වේ.

බේරුවල මග්ගොන ශ්‍රී නිග්‍රෝධාරාම විහාරාධිපති ගුවන්විදුලි හා රූපවාහිනී විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය කොබවක ධම්ම සීවලී හිමිපාණන් වහන්සේගේ උදෑසන ධර්ම දේශනාවෙන් ඇරැඹෙන පින්කම් මාලාවේ සදහම් වන්දනාව හා දහවල් සම්බුද්ධ පූජා වන්දනාව පවත්වනු ලබන්නේ හොරණ ශ්‍රී අනුලාරාමවාසී ආදළුවේ සුබෝධනී මෙහෙණින් වහන්සේ විසිනි. වෙල්ගම ශ්‍රී සූභීක්ෂාරාම මහා විහාරාධිපති ගරු පූජ්‍යපාද කෙසෙල්හේනාවේ ශ්‍රී වාචීස්සර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ දහවල් ධර්ම දේශනාව ඇතුළුව ශාස්ත්‍රපති වෑකඩ භද්‍රා මෙහෙණින් වහන්සේගේ භාවනා වැඩසටහන, ගෝවින්නේ ශ්‍රී සීලවංශාරාම විහාරවාසී කාව්‍ය විශාරද පූජ්‍ය ගෝවින්නේ සුබෝධි හිමිපාණන් සමඟ නිට්ටඹුව ශ්‍රී සාරිපුත්ත විද්‍යා පීඨයේ උපාධි අපේක්ෂක කාව්‍ය ශිරෝමණී පූජ්‍ය තණමල්විල අරියරංසි හිමිපාණන්ගේ යුගාසන කාව්‍යමය ධර්ම දේශනාවලින් අනතුරුව විශේෂ පහන් පුජාවකින් සහ ගිලන්පස සහිත බුද්ධ පූජා, අටවිසි බුද්ධ පූජා සහිත බෝධි පූජා පිංකමක් ද පැවැත්වේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division