මෙරට ආරක්ෂක අංශ විසින් මෙතෙක් මාසයක් තුළ අත්අඩංගුවට ගත් වැඩිම මත්ද්‍රව්‍ය තොගය වාර්තා කරමින් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කි.ග්‍රෑ. 1,000කට හෙවත් ටොන් 1ට වැඩි ප්‍රමාණයක් මේ අප්‍රේල් මාසය තුළ මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථාන සංඛ්‍යා දත්තවලින් අනාවරණය වේ.
ඒ අනුව මේ මාසය තුළ හෙරොයින් කි.ග්‍රෑ. 325ක ප්‍රමාණයක්ද අයිස් මත්ද්‍රව්‍ය කි.ග්‍රෑ. 778ක ප්‍රමාණයක් සමඟ මත්ද්‍රව්‍ය කි.ග්‍රෑ. 1,098කට අධික ප්‍රමාණයක් මෙන්ම ගංජා කි.ග්‍රෑ. 225ක ප්‍රමාණයක්ද මේ මාසය තුළ සිදු කළ වැටලීම්වලදී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග අතරට නාවික හමුදාව ඉකුත් අප්‍රේල් 5 සහ 12 දෙදින මහ මුහුදේදී සිදු කළ වැටලීම් දෙකකදී අත්අඩංගුවට ගත් හෙරොයින් කි.ග්‍රෑ. 268 සහ අයිස් මත්ද්‍රව්‍ය කි.ග්‍රෑ. 713 ද ඇතුළත් බවත් තවද අප්‍රේල් 12 වැනිදා පොලිස් රථවාහන නිලධාරීන් කුඩාවැල්ලේදී අත්අඩංගුවට ගත් හෙරොයින් කි.ග්‍රෑ. 52 සහ අයිස් මත්ද්‍රව්‍ය කි.ග්‍රෑ. 65 ද ඇතුළත් වේ. මේ මාසය තුළ කිලෝ 1,000කට අධික මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇත්තේ වැටලීම් 3,258ක ප්‍රමාණයක් සිදු කරමිනි.