පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ පැමිණිලි අතර නීති විරෝධි ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් පැමිණිලි 213ක් ලැබී ඇති බව පැෆ්රල් සංවිධානය පැවසීය. මෙවර පූර්ව මැතිවරණ සමය තුළ ප්‍රචණ්ඩ ක්‍රියාවල අඩු වීමක් දක්නට ඇති අතර, මේ දක්වා ලැබී ඇත්තේ පැමිණිලි 32ක් පමණි.
රාජ්‍ය බලය, දේපොළ, නිලධාරීන් අයුතු ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 32කි. ඉකුත් මාර්තු 20 දා සිට අප්‍රේල් 25 දා දක්වා මැතිවරණය සම්බන්ධයෙන් සිද්ධි 360ක් සහ මැතිවරණ සහ අනෙකුත් නීති උල්ලංඝනය කිරීම් 386ක් වාර්තා වී ඇති බවද පැෆ්රල් සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේය.