Home » වැඩි මිලට ජල බෝතල් වික්කොත් ලක්ෂ 50 දක්වා දඩ

වැඩි මිලට ජල බෝතල් වික්කොත් ලක්ෂ 50 දක්වා දඩ

by Mahesh Lakehouse
April 26, 2025 12:33 am 0 comment

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පනවා ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා දේශීය පානීය ජල බෝතල් විකුණන වෙළෙඳුන්ට රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 50 දක්වා දඩ මුදල් අය කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

ඒ අනුව මි.ලී. 500 පානීය ජල බෝතලයක් රු. 70/-කට, ලීටරයක බෝතලයක් රු. 100/-කට, ලීටර් 1.5 බෝතලයක් රු. 130/-කට, ලීටර් 2 බෝතලයක් රු. 160/-කට සහ ලීටර් 5 බෝතලයක් රුපියල් 350/-කට වැඩි මිලට විකිණීම නොකළ යුතුය.

මේ නව මිල ගණන් යටතේ ගැසට් පත්‍රය නිකුත් කිරීමට පෙර නිෂ්පාදනය කරනු ලැබූ පානීය ජල බෝතල්වල කුමන මිලක් සටහන්ව තිබුණද එම පානීය ජල බෝතල් ඉහත සඳහන් උපරිම සිල්ලර මිලට අලෙවි කිරීම අනිවාර්ය වන අතර, ගැසට් පත්‍රය නිකුත් කළ දිනයට පසුව නිෂ්පාදනය කරනු ලබන පානීය ජල බෝතල් ඇසුරුම්ව්ල නව මිල සටහන් කිරීමද අනිවාර්ය වේ.

මේ උපරිම සිල්ලර මිල ඉක්මවා පානීය ජල බෝතල් අලෙවි කරනු ලබන සමාගමක් පළමු වරට කරනු ලබන වරදකදී රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 50 අතර දඩ මුදලක්ද සමාගමක් නොවන ව්‍යාපාරික ආයතනයක් පළමු වරට ඒ වරද කළ හොත් රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 5 දක්වා දඩ මුදලක්ද අධිකරණ මඟින් නියම කරනු ඇත. දෙවැනි වරට හෝ ඉන් පසුව කරනු ලබන වරදකදී ඉහත සඳහන් දඩ සීමා තවත් වැඩි වේ.

nසුරේකා නිල්මිණි ඉලංකෝන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division