කුඩා හා මධ්‍ය පරිමාණ ඇඟලුම් නිෂ්පාදකයින්ගේ සංගමය (SMSGARMENT ) විසින් සංවිධානය කරන ලද නිල වෙබ් අඩවිය www.smsgarment.com හඳුන්වාදීම පසුගිය දා කර්මාන්ත හා ව්‍යවසායකත්ව අමාත්‍යාංශ ප්‍රධාන ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පවත්වනු ලැබීය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස කර්මාන්ත හා ව්‍යවසායකත්ව අමාත්‍යාංශයේ ලේකම්වරිය වන තිලකා ජයසුන්දර මහත්මිය සහභාගි වූ අතර, කර්මාන්තය හා සංගමය සඳහා වැදගත් තීරණ සහ උපදෙස් රැසක් ලබාදීම එහිදි සිදු විය.
මෙම වෙබ් අඩවිය හරහා සංගමය විසින් සිය සාමාජිකයන්ට සහ කර්මාන්තයේ නියැළෙන සියලු දෙනාට නවතම තොරතුරු, කටයුතු සහ වෙළෙඳ අවස්ථා පිළිබඳ තොරතුරු, කර්මාන්තකරුවන්ට ඇති තාක්ෂණික සහ විවිධ ගැටලු, නීතිමය සහන, ආධාර මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳපොළ සඳහා පිවිසීමේ පහසුකම් ලබා දීමේ අවශ්‍යතාව ඉටු කිරීමට කටයුතු කරනු ඇත.