50
මේ වසරේ ජනවාරි 1 දා සිට මේ දක්වා රටේ ප්‍රදේශ කිහිපයක සිදු වූ වෙඩි තැබීම් 33කට සම්බන්ධ 91 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග සිළුමිණට කීය. මේ වෙඩි තැබීම්වලින් 24 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇත.
වෙඩි තැබීම් සඳහා යොදා ගන්නා ලද බවට සැක කරන ටී56 තුවක්කු 15ක් පිස්තෝල 24ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, එම අපරාධ සඳහා යොදාගත් බවට සැක කරන යතුරුපැදි 8ක්, මො 2ක්, වෑන් 1ක්, ත්‍රිරෝද රථ 3ක් පොලිස් භාරයට ගෙන ඇත.