ජේසුස් වහන්සේ පාපය සහ මරණය පරදා ලැබූ විජයග්‍රහණය සිහි කරන පාස්කු මංගල්‍යයේදී උන් වහන්සේ ශ්‍රාවකයන්ට දානය කළ සාමයේ තිළිණය යුද ගිනි ඇවිළී ඇති රටවලටත් අප මාතෘ භූමිය ඇතුළු සමස්ත ලෝකයටත් ලැබේවා යැයි අයදින බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව පවසයි.
වසර 2019 පාස්කු ඉරිදා සිදු වූ ම්ලේච්ඡ ප්‍රහාරය පිළිබඳ ස්වාධීන සහ අපක්ෂපාති විමර්ශනයක් සහතික කිරීමට රජය විසින් ගෙන ඇති සෑම උත්සාහයක්ම අගය කරන බවත් එහි අවසාන ඉලක්කය විය යුත්තේ අපරාධකරුවන් සහ ඊට ආධාර අනුබල දුන්නවුන් කවුරුන් ද යන්න තහවුරු කර ගැනීම බවත් ඔවුහු අවධාරණය කරති.
ඒ සඳහා රාජ්‍ය නායකයන්ට ප්‍රඥාව සහ ධෛර්යයද වින්දිතයන්ට සැනසීම සහ සුවයද ගෙන දෙන ලෙස දිගින් දිගටම යාච්ඤා කරන බවද පාස්කු මංගල්‍යය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා රදගරු සමුළුව වැඩිදුරටත් පවසයි.