Home » සියපත ෆිනෑන්ස් වාර්තාගත මූල්‍ය කාර්යසාධනයක

සියපත ෆිනෑන්ස් වාර්තාගත මූල්‍ය කාර්යසාධනයක

by Mahesh Lakehouse
April 19, 2025 12:30 am 0 comment
සභාපති සුමිත් කුමාරණතුංග සහ කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න

සම්පත් බැංකුවේ පූර්ණ අනුබද්ධිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී, මූල්‍ය සමාගමක ස්ථාවරත්වය පෙන්නුම් කෙරෙන ප්‍රමුඛතම කාර්යසාධක දර්ශක අබිබවා යමින් 2024 මූල්‍ය වර්ෂය සඳහා සුවිශේෂී ස්ථාවර මූල්‍ය වර්ධනයක් වාර්තා කර ඇත. සියපත ෆිනෑන්ස් පීඑල්සී ඉතිහාසයේ ඉහළම වාර්ෂික බදු පසු ලාභය (PAT) ලෙස මෙය වාර්තා වන්නේ තිරසර ආයතනික වර්ධනයක් මධ්‍යයේ සියලු පාර්ශ්වකරුවන්ට වටිනාකම් රැසක්ද එක්කරමිනි.

සියපත ෆිනෑන්ස් පීඑල්සී 2024 වසර අවසානය සඳහා රු. මි. 4,534 ක ශුද්ධ පොලී ආදායමක් වාර්තා කළ අතර, එය 2023 වසරේ වාර්තා කළ රු. මි. 3,121 සිට සලකා බැලීමේදී සැලකිය යුතු වර්ධනයකි. මෙම ආදායම් වර්ධනය සියපත ෆිනෑන්ස් පීඑල්සී සතු පොලී උපයන වත්කම් ප්‍රශස්ත කිරීමේ හැකියාව සහ වෙළඳපොළ උච්චාවචනයන් මධ්‍යයේ ශක්තිමත් ශුද්ධ පොලී ආන්තිකයක් පවත්වා ගැනීමේ හැකියාව තහවුරු කොට ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division