Home » තැඹිලි අපනයනකරුවන් සඳහා ඵලදායි සංසදයක් ඇරැඹේ

තැඹිලි අපනයනකරුවන් සඳහා ඵලදායි සංසදයක් ඇරැඹේ

by Mahesh Lakehouse
April 19, 2025 12:30 am 0 comment

පසුගිය අප්‍රේල් 09 වැනි දින පවත්වන ලද තැඹිලි අපනයනකරුවන්ගේ සංසදයේ රැස්වීම, ශ්‍රී ලංකාවේ කෘෂි අපනයනයේ අතිශය වැදගත් අවස්ථාවක් විය.

“ලෝකය වෙත රන් බිඳු: තැඹිලි අපනයනයේ විශිෂ්ටත්වය බලගැන්වීම… ” යන තේමාව යටතේ ශ්‍රී ලංකාවේ තැඹිලි පිළිබඳ ගෝලීය පා සටහන ශක්තිමත් කිරීම කෙරෙහි වූ විස්තීර්ණ කතිකාවක් සඳහා කර්මාන්තයේ පුරෝගාමීන්, නියාමන විශේෂඥයින් හා අපනයනකරුවන් මෙම සංසදයට එක් විය.

මෙහිදී, පොල් සංවර්ධන අධිකාරියේ (CDA) සභාපති ශාන්ත රණතුංග මහතා විසින් ඉදිරි දැක්ම සහිත ආරම්භක දේශනය පවත්වන ලදි. Boston negotiation Group ආයතනයේ නිර්මාතෘ හා සුප්‍රසිද්ධ ගනුදෙනු සාකච්ඡා කිරීමේ ප්‍රවීණයකු වන තිස්ස දිසානායක මහතා විසින් ” ඉතා අනගි රසක්, අනගි මිලක්, තැඹිලි ගෙඩිය සතු කර ගන්න…” යන ශීර්ෂය යටතේ ආයෝජන අභිප්‍රේරණ වැඩසටහනක් පවත්වන ලදි.

මෙහිදී, අපනයනකරුවන්ට මිල නියම කිරීම්, සැපයුම් සේවා නියාමනය හා තත්ත්ව සහතික ලබා ගැනීම පිළිබඳ ඇති වත්මන් අභියෝග හා ගැටලු ඉදිරිපත් කර එම මොහොතේදීම පිළිතුරු ලබා ගැනීමේ අවස්ථාව හිමි විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division