ශ්‍රී ලංකාවේ පුරෝගාමී මාළු ටින් කිරීමේ සහ යුරෝපා සංගමයේ අනුමැතිය ලැබූ රටේ පළමු මත්ස්‍ය ආහාර ටින් කිරීමේ සමාගම වන ෆෝකන්ස් කැනරිස්, පානදුර Jie Jie Beach හෝටල්යේ දී අති උත්කර්ෂවත් ලෙස සිය 35 වැනි සංවත්සරය සැමරීය. සමාගමේ නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ නිමල් ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් එම අවස්ථාවට, 1989 දී ෆෝකන්ස් ආරම්භ කළ දා සිට උරදුන් සියලු සේවකයින්, රජයේ නිලධාරීන්, දිගුකාලීන ව්‍යාපාරික හවුල්කරුවන් සහ විශේෂ අමුත්තන් රැසකට ආරාධනා ලැබිණි.
ප්‍රධාන ආරාධිතයා ලෙස මෝතා කන්ෆෙක්ෂනරි වර්ක්ස් (පුද්) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී නිහාල් විජේරත්න සහ පැල්වත්ත ඩේරිස් ඉන්ඩස්ට්‍රීස් (පුද්) සමාගමේ නිර්මාතෘ සහ සභාපති ආරියශීල වික්‍රමනායක මහත්වරු සහභාගී විය. ෆෝකන්ස් කැනරිස් යුරෝපා සංගමයේ අනුමැතිය, ISO 22000, FDA සහ SLS සහතික ලබා ගැනීම සහ ගෝලීය ප්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා උසස් තාක්ෂණයන් ඇතුළත් කිරීම ඇතුළු සැලකිය යුතු සන්ධිස්ථාන අත්කර ගෙන ඇත.