Home » කවුරු කටකතා හැදුවත් මම බය වෙන්නේ නෑ

කවුරු කටකතා හැදුවත් මම බය වෙන්නේ නෑ

ආලෝකා ධනංජනී

by Mahesh Lakehouse
April 12, 2025 12:30 am 0 comment
අනුෂා රණසිංහ

ආදරේ කියන මාතෘකාව හරි බැරෑරුම් එකක් හොඳම නිළිය සම්මානය මගේ අතට ගන්න ආසයි ආලෝකා ධනංජනී කියන්නේ වර්තමාන කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්. මේ දිනවල හිරු නාලිකාවේ විකාශය වන සිරි ගාරාජ් නාට්‍යය තුළින් ප්‍රේක්ෂකයින් අතරට එන ආලෝකා ධනංජනී සමඟයි මේ කතාබහ.

මේ දවස්වල නිර්මාණ කටයුතු මොනවද?

හිරු නාලිකාවේ සිරි ගරාජ් නාට්‍යය විකාශය වෙනවා. ඒ එක්කම ලබන මාසේ ඉඳන් අලුත් නාට්‍යයක වැඩ පටන් ගන්න නියමිතව තියෙනවා. මේ දවස්වල ඒකට සූදානම් වෙමින් ඉන්නවා.

ලැබෙන ප්‍රතිචාර කොහොමද?

සිරි ගරාජ් නාට්‍යයට මේ වෙද්දී හොඳ ප්‍රතිචාර ලැබෙනවා. තව ඉස්සරහට අලුත් අලුත් දේවල් නාට්‍යය තුළින් දැක ගන්න පුළුවන්.

ආලෝකා මේ වෙද්දි වැඩියෙන්ම ප්‍රේක්ෂකයින් අතරට අරන් ගිය චරිතේ මොකක්ද?

මාව ප්‍රේක්ෂකයා අතරට අරගෙන ගිය නාට්‍යය නිර්මාණ කිහිපයක් තියෙනවා. එකක් ගරුඬ මුහුර්තියේ බිලිඳිගේ චරිතය. එහි කෙල්ල කාලය , මැදි වයස සහ බබාලා ලැබුණට පස්සේ කියන කාල පරාසයන් තුනම මම නිරුපණය කළා. අනිත් එක තමයි මාණික්කාවත නාට්‍යයේ සෙනෙහෙලතා චරිතය. සෙනෙහෙලතා කියන්නේ හරිම අහිංසක විදියට හැදුණු ගමේ කෙල්ලෙක්. ඒ චරිත දෙකම ප්‍රේක්ෂකයින් අතරට මාව අරන් ගියා.

රංගනයට ඇවිත් කොච්චර කාලයක් ද?

අවුරුදු හතක් විතර වෙනවා. මම එන්නේ සිරස නාලිකාවේ විකාශය වුණු සිරස ෆිල්ම් ස්ටාර් වැඩසටහන හරහා.

මේ වන විට නිරුපණය කරන්න ලැබුණ චරිත ගැන තෘප්තිමත් ද?

ඇත්තෙන්ම මම තෘප්තිමත්. මම ආස විදියේ චරිත රඟපාන්න මට ලැබුණා. එකිනෙකට වෙනස් චරිත කරන්න මට අවස්ථාව ලැබුණේ. ඉදිරියේදී විවිධ චරිත කරන්න ආසාවෙන් ඉන්නවා.

ක්ෂේත්‍රයේ අයට විවිධ කටකතා හැදෙනවනේ. කවුරුහරි ඔබටත් එහෙම කළොත් මොකක්ද ඒ ගැන හිතෙන්නේ?

අනේ මම නම් බය නැහැ. කලා ක්ෂේත්‍රයේ මම වෙන්න ඕනේ නැහැ, කටකතා කියන දේ ඕනෙම කෙනෙක්ට හැදෙන්න පුළුවන්. ඒක තව කෙනෙක් දිහා බලන විදිය අනුව වෙනස් වෙනවා. හැමෝම පිටින් බලලා තමයි තීරණය කරන්නේ මෙයා මෙහෙමයි කියලා. හැබැයි ඇත්ත එහෙම නොවෙන්න පුළුවන්. ඒ නිසා කවුරු කොහොම කටකතා හැදුවත් මම නම් බය වෙන්නේ නෑ. ඒකට හේතුව තමයි මම මා ගැන දන්න නිසා.

ඔබ නිළියක් වෙන්නමද ආසාවෙන් හිටියේ?

මම ඉස්සර ආසයි නර්ස් කෙනෙක් වෙන්න. ඒ නිසා නිළියක් නොවුණා නම් මම රජයේ රස්සාවක් කරන කෙනෙක් වෙන්න තිබ්බා.

ආදරේ දකින්නෙ කොහොමද?

ආදරේ කියන මාතෘකාව හරිම බැරෑරුම්. හැමෝම කියනවා ආදරේ කියන්නේ හරි සුන්දර දෙයක් කියලා. ආදරේ සුන්දර වෙන්නේ හරිම කෙනා හම්බ වුණොත්. නැත්නම් අපි හරියි කියලා හිතන නමුත් ඇත්තටම එයා අපි හිතන කෙනා නොවුණොත් තමන්ගේ මුළු ජීවිතේම අපායක් වෙන්න පුළුවන්. ඒ නිසා ආදරේ කියන මාතෘකාව මෙහෙමයි කියලා කියන්න බැහැ. කෙනාගෙන් කෙනාට ආදරේ වෙනස් වෙන්න පුළුවන්. සමහර වෙලාවට අවුරුදු දෙක තුනක් ළඟින් ආශ්‍රය කළත් තේරුම් ගන්න බැරි ගුප්ත චරිත ඉන්නවා. ඒ නිසා මට නම් ආදරේ කියන මාතෘකාව හරි බැරෑරුම් මාතෘකාවක්.

අනාගත බලාපොරොත්තු මොනවද?

මගේ ජිවිතේ ඉලක්ක ටිකක් තියෙනවා. ඒ දේවල් වෙනුවෙන් මම කැපවෙනවා. දිගටම කලාවේ රැඳෙන්න තමයි මගේ බලාපොරොත්තුව. කවදා හරි දවසක හොඳම නිළිය කියන සම්මානය මගේ අතට ගන්න ආසයි. ඒ වෙනුවෙන් මම කැපවෙනවා. ඒ වෙනුවෙන් මම වැඩ කරනවා. ඒ එක්කම මගේ ඉගෙනීම් වැඩ කටයුතුත් කලාව එක්කම සමබරව කරගෙන යනවා.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division