ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සංචාරය හේතුවෙන් අනුරාධපුර නගර සීමාවෙන් අයාලේ යන සුනඛයන් ඉවත් කිරීමට අනුරාධපුර ආණ්ඩුකාර කාර්යාලය තීරණය කර ඇති බවට සත්ත්ව ජනගහන සංගමයේ මානුෂීය කළමනාකරණය සඳහා වන පශු වෛද්‍යවරුන් කළ ප්‍රකාශය අනුරාධපුර ආණ්ඩුකාර කාර්යාලය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව උතුරුමැද පළාත් ආණ්ඩුකාර ලේකම් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සංචාරය හේතුවෙන් අනුරාධපුර නගර සීමාවේ සිටින අයාලේ යන සියලු සුනඛයන් ඉවත් කිරීමට ආණ්ඩුකාර කාර්යාලය හෝ අනුරාධපුර මහ නගර සභාව හෝ කිසිදු තීරණයක් ගෙන නැති බවත්, එබැවින් ඉහත සංගමය විසින් ජනගත කරන ලද ඒ සම්බන්ධ ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවත් ආණ්ඩුකාර ලේකම්ගේ ප්‍රකාශයේ සඳහන් වී ඇත. එසේ සුනඛයන් ඉවත් කිරීම සම්බන්ධයෙන් කවර ගණයේ හෝ සාකච්ඡාවක් ආණ්ඩුකාර කාර්යාලය සහ මහ නගර සභාව අතර සිදු නොවුණු බවද මේ ප්‍රවෘත්තියේ සත්‍යතාව පිළිබඳ අවධානය යොමු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද ඒ ප්‍රකාශයේ වැඩි දුරටත් සඳහන්ව තිබිණි.