ක්ලීන් යනු පිරිසුදු බවයි. ශ්රී ලංකා නම් අප කුඩා දිවයිනයි. එය පිරිසුදු විය යුත්තේ බාහිර මෙන්ම අභ්යන්තරවයි. එසේ වූ විට මේ රට මුතු කැටයක් මෙන් අගය කළ හැකිය. එවිට ස්වදේශිකයන්ට මෙන්ම විදේශිකයන්ගේ ආකර්ශනයට ලක්විය හැකිය. එවිට ඩොලර් ඇදී රට ණය බරින් නිදහස් කරගත හැකිය. එවැනි සිතිවිල්ලක් ඔබට පහළ වූ විට ඔබ විසිකරන ටොපි කොළයක්වත් එක කෙළ පිඩක්වත් මහමඟ දැමීමට සිතක් ඔබට පහළ නොවනු ඇත. එවිට ලී ක්වාන් යු ක්ලීන් සිංහයෝ තැනුවා මෙන් අපට ද අනුර කුමාර දිසානායක ජනපතිගේ පැතුම මෙන් ක්ලීන් ශ්රී ලංකා ගොඩනැඟිය හැකිය.
පිරිසිදු තැනක විසීමට ලෝවැසි සියලුදෙනා කැමැතිය. එනිසාය මිනිසා සැනසුම ලබාගැනීමට සිද්ධස්ථාන කරා ඇදී යන්නේ මෙය දන්නා අපි රටේ පෞද්ගලික මෙන්ම පොදු ස්ථාන පිරිසුදු කිරීමට සිතින් මෙන්ම ගතින් ද දැක දිවයින පිරිසුදු කිරීමට සැරසෙමු.
උපසිංහ විජේසූරිය – ගොඩකවෙල