110
පුරා මාස නවයක් අභ්‍යවකාශයේ රැඳී සිටීමෙන් අනතුරුව, නාසා ගගනගාමීන් වන බුච් විල්මෝර් සහ සුනී විලියම්ස් අවසානයේ යළිත් පෘථිවියට පැමිණ තිබේ. මීට මාස නවයකට පෙර ඔවුන් දෙදෙනා අභ්‍යවකාශ නැවතුම් මධ්‍යස්ථානය කරා පිටත්ව ඇත්තේ, විශේෂ ගවේෂණ චාරිකාවක් ලෙසිනි. ඒ දින 8ක කාලසීමාවක් සඳහා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිට නැවත පෘථිවියට පැමිණෙන බලාපොරොත්තුවෙනි. ඔවුන්ට මෙතරම් දීර්ඝ කාලයක් එහි රැඳී සිටින්නට සිදුව ඇත්තේ ඔවුන්ගේ යානයේ සිදු වූ ගැටලු කිහිපයක් නිසා බව සඳහන් වෙයි.