Home » ADB නව සභාපති මසාටෝ කන්ඩා වැඩ භාරගනී

ADB නව සභාපති මසාටෝ කන්ඩා වැඩ භාරගනී

by Mahesh Lakehouse
March 1, 2025 12:30 am 0 comment

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) 11 වැනි සභාපතිවරයා ලෙස මසාටෝ කන්ඩා මහතා පසුගිය 24 වැනිදා වැඩ භාර ගත්තේය. “අපගේ කලාපයට මෙම වැදගත් මොහොතේ ADB සභාපතිවරයාගේ භූමිකාව භාර ගැනීමට ලැබීම අතිශය ගෞරවයක්. අප සාමාජිකයින් 69 දෙනාගේ විශ්වාසය සහ කාර්ය මණ්ඩලයේ ශක්තිමත් සහයෝගය ඇතිව, තිරසර වර්ධනයක් ප්‍රවර්ධනය කිරීමේ ADB මෙහෙවර ඉදිරියට ගෙන යෑමට මම කැපවී සිටිමි. අපි එක්ව, සංවර්ධන අභියෝගවලට ප්‍රතිචාර දක්වන්නෙමු…”

කන්ඩා මහතා සභාපති ධුරයට පත් වනුයේ, මසට්සුගු අසකාවා මහතාගේ ඉවත් වීමත් සමඟය. අන්තර්ජාතික මූල්‍ය හා සංවර්ධන ප්‍රතිපත්තියේ 40 වසරකට ආසන්න පළපුරුද්ද ඇති කන්ඩා මහතා, ඉදිරිගාමි නායකත්වය සහ වෙළෙඳපොළ අස්ථාවරව පැවති කාල පරිච්ඡේදවල ඔහුගේ තීරණාත්මක මැදිහත්වීම් නිසා පුළුල් පිළිගැනීමකට ලක් විය. අන්තර්ජාතික කටයුතු සඳහා ජපානයේ මුදල් උප අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලය තුළ, නව්‍ය මූල්‍ය විසඳුම් සඳහා පුරෝගාමි වීම සහ වෙළෙඳපොළ ස්ථාවර කිරීමට ගත් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සංවිධානය කිරීමටද ඔහු දායක විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division