ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම පුද්ගලික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව Acuity Partners (පුද්) සමාගමේ පූර්ණ හිමිකාරීත්වය සාර්ථකව අත්පත් කරගත් බව නිවේදනය කර ඇත.
මෙම අත්පත් කරගැනීමත් සමඟින්, එම සමාගම HNB Investment Bank (Pvt) Ltd ලෙස ප්‍රතිසන්නාමකරණය කර ඇති අතර එමඟින් ශ්‍රී ලංකාවේ ආයෝජන බැංකු ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් ලෙස එහි කාර්යභාරය තවදුරටත් ශක්තිමත් වේ.
Acuity Partners මීට පෙර HNB සහ DFCC බැංකුව ඒකාබද්ධ හවුල්කාරීත්වයෙන් පිහිටුවා ගත් සමාගමක් වූ අතර, එය මූල්‍ය සේවා සඳහා විශේෂිත වූ අනුබද්ධිත සමාගම් කිහිපයක් හරහා ක්‍රියාත්මක විය: එනම් ඇක්විටි පාර්ට්නර්ස් (පුද්) සමාගම, ඇක්විටි සෙකියුරිටීස් සමාගම, ඇක්විටි ස්ටොක්බ්‍රෝකර්ස් (පුද්) සමාගම, LVL PLC සහ LVEF PLC… ලෙසිනි. මෙම සමාගම් විවිධ ක්ෂේත්‍ර හරහා ප්‍රවීණත්වය ලබා දීමෙන් සහ වටිනාකමක් නිර්මාණය කිරීමෙන් ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත.
ඡායාරූපය – සුදත් නිශාන්ත