ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ ප්‍රගමණය වෙනුවෙන් ක්‍රියාත්මක කළයුතු උපාය මාර්ග සහ ඒ සඳහා ඇති අවස්ථාවන් සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර වෙළඳාමේ ප්‍රධාන පාර්ශ්වකරුවන් වන අපනයනකරුවන් සහ එම ක්ෂේත්‍රයේ ප්‍රධානීන් එකතු කරමින් NDB බැංකුව විසින් අපනයනකරුවන් වෙනුවෙන් සංවිධානය කළ වැඩමුළුවක් පසු ගියදා ජා-ඇළ රම්රිච් හෝටලයේදී සාර්ථකව පවත්වන ලදි. වයඹ කලාපය නියෝජනය කරන ප්‍රධාන පෙළේ අපනයනකරුවන් රැසක් සහභාගී වූ මෙම වැඩසටහන
” අපනයන ප්‍රජාව තුළ ව්‍යාපාර වර්ධනය සහ නවෝත්පාදන පෝෂණය කිරීම සඳහා NDB බැංකුවේ ඇති කැපවීම පිළිබඳ අවධාරණය කරයි. අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරී මංගල විජෙසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ මෙම වැඩසටහනේදී ඒ මහතා විසින් ආරාධිත දේශනය පවත්වන ලදි.