Home » නිදහස් දිනය දා බන්ධනාගාර රැඳවියන්ට විශේෂ අවස්ථාවක්

නිදහස් දිනය දා බන්ධනාගාර රැඳවියන්ට විශේෂ අවස්ථාවක්

by yasara
February 2, 2025 2:51 pm 0 comment

2025 පෙබරවාරි 04 දිනට යෙදී ඇති නිදහස් දිනය නිමිත්තෙන් බන්ධනාගාර  ගත රැඳවියන්ට  අමුත්තන්  බැලීම සඳහා විවෘත අවස්ථාවක් (OPEN VISIT) ලබාදීමට  බන්ධනාගාර දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී. දිසානායක සඳහන් කරයි.

ඒ අනුව 2025.02.04 දින තුළ රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා සනීපරක්ෂක ද්‍රව්‍ය එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන  පරිදි  ලබා දීමට අවස්ථාව සැලසෙන අතර, සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව  අමුත්තන් පෙන්වීමේ කටයුතු සිදු කිරීමට නියමිතය.

මෙය දිවයිනේ සියළුම බන්ධනාගාර ආයතනයන් තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතය

 (රසික කොටුදුරගේ )

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division