දුම්වැටි සහ මද්‍යසාර භාවිතය සඳහා ශ්‍රී ලාංකිකයන් දිනකට රුපියල් කෝටි 121ක් වියදම් කරන අතර, එයින් රටට සිදු වන සෞඛ්‍යය සහ ආර්ථික පිරිවැය ඊට වඩා ඉහළ අගයක් ගන්නා බැවින් භාවිතය අවම කිරීම සඳහා විද්‍යාත්මක බදු සූත්‍රයක් හඳුන්වා දෙන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ සම්පත් ද සේරම් පැවසීය.
එය උද්ධමනයට සහ ආර්ථික වර්ධනයට ගැළපෙන පරිදි සෑම වසරකදීම සුරා බදු වැඩි වන ආකාරයේ විද්‍යාත්මක සූත්‍රයක් විය යුතු අතර, දුම්කොළ සහ මද්‍යසාර සමාගම් විසින් පැහැර හැර ඇති බදු අය කර ගැනීමේ ක්‍රමවේදයක් විය යුතු බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. මද්‍යසාර සහ දුම්කොළ භාවිතය හා ප්‍රවර්ධනය අවම කිරීම සඳහා දැනට සම්මත කර ඇති නීති හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මෙන්ම දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනතට යෝජනා කර ඇති සංශෝධන කඩිනමින් සම්මත කරගැනීමේ අවශ්‍යතාව ද ඔහු අවධාරණය කළේය.
සුරේකා නිල්මිණි ඉලංකෝන්