පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී නිදහස් දින සැමරුම සඳහා යොදාගන්නා යුද හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 40%කින් අඩු කර ඇති බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා ප්‍රකාශ කළේය.
ඒ අනුව මෙවර හමුදා පෙළපාළිය සාමාජිකයන් 1,873කට සීමා වී ඇති අතර, ඉකුත් වසරට සාපේක්ෂව හමුදා සාමාජිකයන් 1,511 දෙනකුගේ අඩුවීමක් සිදුව ඇත.
පසුගිය වසරේ ගාලු මුවදොර පැවැති 76 වැනි නිදහස් සැමරුම සඳහා මිලියන 200ක විශාල පිරිවැයක් දැරුවද, මෙවර එය මිලියන 87කට සීමා කිරීම විශේෂත්වයකි. පසුගිය වසරේ ගුවන්යානා 19ක් යොදාගත්තද මෙවර එය හෙලිකොප්ටර් 3කට පමණක් සීමා කර තිබේ.
එමෙන්ම මෙවර නිදහස් දින සැමරුමට ත්‍රිවිධ හමුදා සන්නද්ධ රථ යොදා නොගන්නා බව ද ආරක්ෂක ලේකම්වරයා දන්වා සිටියේය. එසේම නාවික හමුදාව විසින් සාම්ප්‍රදායික වෙඩිමුර 25ක් පැවැත්වීමට නියමිතය.