Home » දුම්පානය නතර කළ හැකි ඇබ්බැ­හි­යක්

දුම්පානය නතර කළ හැකි ඇබ්බැ­හි­යක්

by damith
February 1, 2025 12:30 am 0 comment

දුම්පා­නය කියන්නේ ඇබ්බැ­හි­යක්, නමුත් මූලි­කම දේ එය නැවැ­ත්විය හැකියි. වැද­ගත් වන්නේ එසේ නැවැ­ත්වීම සඳහා අනු­බල දෙන වට­පි­ටාව සකස් කර­ගැ­නී­මයි. දුම්පා­නය අඩු වූ කාලය පිළි­බඳ සලකා බලද්දි ඒ කාලයේ දුම්බීමේ ආක­ර්ෂ­ණය අඩු කිරීම සඳහා ආක­ර්ෂ­ණීය ව්‍යාපා­ර­යක් ක්‍රියා­ත්මක වුණා. එහිදී ප්‍රචා­රය කෙරුණු “සිග­රැට් බිව්වම ගඳයි, ලිංගික අප්‍රා­ණි­ක­ත්වය ඇති­වෙ­නවා” වගේ දේවල් දුම්පානය කරන පුද්ග­ල­යන්ගේ හිතට බල­පෑ­මක් ඇති කළා. ”

දුම්පා­නය ඇබ්බැ­හි­ක­මක් ලෙස දිගින් දිගට යන්නේ ඇයි කියන කරු­ණට බල­පාන සාධක කිහි­ප­යක් තිබෙ­නවා. දුම්පා­න­යෙන් වැළකී ඉන්න ක්‍රම හොයන්න කැමති තරු­ණ­යෙක් ගූගල් එකේ හෝ යූටි­යුබ් එකෙන් සර්ච් කරලා බැලු­වම හමු­වන ලිපි, දැනු­ම්වත් කිරීම්, උප­දේ­ශන පත්‍රිකා වැඩි ප්‍රමා­ණ­යක තියෙන්නේ දුම්පා­න­යෙන් මිදී­මට තිබෙන අසීරු බව සහ එය කළ නොහැකි දෙයක් බවට හැඟ­වෙන කරුණු. දුම්පා­නය කරන පුද්ග­ල­යාට එය තවත් අසීරු වෙනවා. මූලි­කම දේ දුම්පා­න­යෙන් අස­රණ වී සිටින පුද්ග­ල­ය­කුට දුම්බීම නව­ත්වන්න බැරි සංකල්ප දීම සුදුසු නැහැ. ”

“සම­හර පුද්ග­ල­යන් ජන­වාරි පළ­මු වැ­නිදා එහෙ­මත් නැත්නම් එවැනි විශේෂ දව­සක දුම්පා­නය නතර කර­නවා කියලා ඉල­ක්ක­යක් තියා­ගෙන ඉන්නවා කියලා හිතමු. ඒත් ඒ දවස පහු­වෙලා සති­යක් ඇතු­ළත සමාජ මාධ්‍ය හරහා වෙළෙඳ දැන්වීම් නොවන ආකා­රයේ දුම්පා­න­යට දිරි දෙන දැවැන්ත ප්‍රචා­රණ ගෙන­ය­නවා. ඒ වගේම වට්ස්අප් ගෘෘප් තුළ ක්‍රියා­ත්මක වෙන මිතුරු කණ්ඩා­යම් හරහා දුම්බීම නැවැ­ත්වීම උප­හා­ස­යට ලක්ක­රන විහිළු මැසේජ් හුව­මාරු කර ගැනී­මත් එක්තරා ආකා­ර­ය­කට දුම්බීම ප්‍රව­ර්ධ­නය කිරී­මක්. ඒ වගේම ඇතැ­මුන් දුම්බීම පෞද්ග­ලික ගැට­ලු­වක් බවට ලඝු කර­නවා. එයත් මෙය අත­හ­රින්න බැරි විදි­හට පුද්ග­ල­යන් අස­රණ කිරී­මක්. දුම්බීම තමන්ට කර­ද­ර­යක්, දුකක් කියලා දැන­ගෙන ඉන්න එකම ඒ ඇබ්බැ­හි­යෙන් මිදෙන්න අව­ස්ථා­වක් බව හඳුන ගත්ත පුද්ග­ල­යන් අතර දැන් දුම්පා­නය අඩු­වෙ­මින් තිබෙ­නවා. ඒක හොඳ ප්‍රව­ණ­තා­වක්. නමුත් දුම් නොවන භාවි­තය තවම තිබෙ­නවා. එවැනි දේවල් පව­ත්වා­ගෙන යන්න දුම්කොළ සමා­ගම් විවිධ ක්‍රම­වේද භාවිත කර­නවා. ජන­තාව මේ යථා­ර්ථය තේරුම් ගත යුතුයි. දුම්පා­න­යෙන් සැබෑ නිද­හස් වීම කියන්නේ දුම්වැටි ඇතුළු සියලු දුම්කොළ නිෂ්පා­ද­න­ව­ලින් මිදී­මයි. ”

“විශේ­ෂ­යෙන් තරුණ පිරිස මෙයින් මුදා­ගත යුතුයි. දුම් පාන­යට ඇබ්බැහි වී සිටින බුද්ධි මට්ට­මින් අඩු පුද්ග­ල­යන් එයින් ගලවා ගත නොහැකි නව­තම න්‍යායන් වර්ත­මාන සමා­ජය තුළ පැතිර යමින් තිබෙ­නවා. දුම්පා­නය සතුට උද්දී­ප­නය කර­නවා, ඇල්කො­හොල් ටිකක් ගැනීම ශරී­ර­යට හොඳයි වගේ මත ඒ අතර වනවා. නමුත් ඒවා සත්‍ය බවට විද්‍යා­ත්ම­කව තහ­වුරු වෙලා නැහැ. නමුත් සමා­ගම් දුම්කොළ භාවි­තය විවි­ධා­කා­ර­යෙන් ප්‍රව­ර්ධ­නය කර­නවා. වෙළෙඳ දැන්වීම් තහ­නම් කළාට සුපිරි වෙළෙ­ඳ­සැ­ල්වල දුම්වැටි අලෙවි කර­නවා. ඒ පරි­ස­රය දුම්කොළ සමා­ගම් විසින් සකසා තිබෙ­නවා. ඒ නිසා මනෝ වෛද්‍ය ප්‍රති­කාර සහ උප­දේ­ශන වැඩි කිරී­මෙන් හෝ බෙහෙ­ත්ව­ලින් දුම්පා­නය නව­ත්වන්න බැහැ. දුම්පා­නය නව­ත්වන්න බලා­පො­රොත්තු වෙන කෙනෙ­කුට කිව යුත්තේ නැවැ­ත්වීමේ උත්සා­හ­යේදී රැව­ටී­ම්වලට අහු­වෙන්න එපා, ‘ඇන්ඳෙන්න එපා’ කිය­ලයි. දුම්පා­නය නව­ත්වන්න තියෙන බෙහෙත් අති­ශ­යින් සාර්ථ­කයි කියලා සනාථ වෙලා නැහැ. බෙහෙත් සිය­යට 40ක් සාර්ථ­කයි කියන්නේ සම්පූ­ර්ණ­යෙන් සාර්ථ­­කයි කියන එක නෙවෙයි. දුම්පා­නය නැවැත්වූ බොහෝ දෙනෙක් එය කරලා තියෙන්නෙ තම­න්ගෙම උත්සා­හ­යෙන්. සම­හරු එක්ව­රම දුම්පා­නය නවතා තිබෙ­නවා. සම­හරු අඩු­ක­රලා නව­ත්තලා තියෙ­නවා. ඒ කොහොම වුණත් පරෙ­ස්සම් විය යුත්තේ දුම්පා­නය නතර කළ අය නැවත ඒ සඳහා යොමු කරන සාධ­ක­ව­ලට ‘අහු­නොවී සිටී­මට ‘යි. දුම්පා­නය නතර කිරීම කරන්න බැරි දෙයක් නම් නොවෙයි. එය කළ හැකි දෙයක්. නව­ත්තන්න බැහැ කියලා ගෙන­යන ප්‍රචා­ර­ව­ලට ‘ඇන්දෙන්නෙ නැතුව ඉන්න’ කල්ප­නා­කාරී වීමයි වඩා වැද­ගත්. ධනා­ත්මක හැඟී­මෙන්” මට එය කළ හැකියි” යන ආක­ල්ප­යෙන් ආරම්භ කරන්න.

“සිග­රැට් බොන එක හැකි­ත­රම් අමාරු දෙයක් බවට පත්ක­ර­ගන්න. ස්ටොක් කරලා තියා­ගන්නෙ නැතිව කඩේට යන­කොට එක සිග­රට් එකක් විත­රක් ගේන්න. සම­හර අයට සිග­රැට් එකක් නැතිව තේ බොන්න බැහැ. එහෙම කෙනෙක්ට පුළු­වන් තේ වෙනු­වට කෝපි එකක්, කිරි තේ එකක් හෝ සිසිල් බීම එකක් බොන්න. නිත­රම සිග­රැට් බීපු කෙනෙ­කුට ඒ වෙනු­වට නෙල්ලි ගෙඩි­යක්, කුරුඳු කෑල්ලක් වගේ දෙයක් හපන්න පුළු­වන්. සම­හර අයට වැසි­කිළි යෑම හොඳින් සිදු­වෙන්න නම් සිග­රැට් එකක් බොන්න ඕනේ. ඒ පුරුද්ද මග­හ­රවා ගන්න අප­හසු නැහැ. උණු වතුර පානය කිරීම, පල­තුරු වැඩි­පුර ආහා­ර­යට ගැනී­මෙන් දව­සක් දෙකක් යන ­විට ඒ අප­හ­සුතා මග හැරේවි.

ඒ වගේම ඔබ දුම්පා­නය නතර කරන බව ප්‍රසි­ද්ධියේ ප්‍රකාශ කරලා ඒ සඳහා සමී­ප­ත­ම­යන්ගේ උදව් ලබා ගැනී­මත් ඒ සඳහා පරි­ස­රය සකසා ගැනී­මත් වැද­ගත්. දින­පතා විනාඩි කිහි­ප­යක් ව්‍යායාම වැනි ශාරී­රික ක්‍රියා­කා­ර­ක­මක නියැ­ළී­මත් දුම්පා­න­යට ඇති ඇබ්බැ­හිය අඩු කර­ව­න්නට හේතු­වක්.”

ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ලයේ මනෝ චිකි­ත්සක පීඨයේ ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය, විශේ­ෂඥ මනෝ වෛද්‍ය ජය­මාල් ද සිල්වා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division