Home » AIA වෙතින් 6 වැනි වරටත් පිළිකා සංගමය වෙත සහාය

AIA වෙතින් 6 වැනි වරටත් පිළිකා සංගමය වෙත සහාය

by Mahesh Lakehouse
February 1, 2025 12:30 am 0 comment

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම නොබෝදා ශ්‍රී ලංකා පිළිකා සංගමය සමඟින් සිය සහයෝගිතාව අඛණ්ඩව 6 වැනි වසරටත් අලුත් කරමින්, දිවයින පුරා පිළිකා උවදුර පිළිබඳ දැනුම්වත් කිරීම, පිළිකාව වළක්වා ගැනීම මෙන්ම ඒ සඳහා වන ප්‍රතිකාර සඳහාත් සහාය වීම වෙනුවෙන් සිය කැපවීම තහවුරු කරන ලදි. මෙම සහයෝගිතාව සමඟ AIA විසින් 2019 වසරේ සිට, සමාගම අලෙවි කරන සෑම නව රක්ෂණ ඔප්පුවක් සඳහාම රුපියල් 100ක මුදලක් ශ්‍රී ලංකා පිළිකා සංගමය වෙත පරිත්‍යාග කිරීමට ප්‍රතිඥා දෙන ලද්දේ ශ්‍රී ලාංකික ජනතාවට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් ගත කිරීමට සහාය වීමේ සිය දිගු කාලීන කැපවීම තහවුරු කරමිනි.

මේ සහයෝගිතාව නැවත අලුත් කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීම AlA ඉන්ෂුවරන්ස් වෙනුවෙන් AlA ප්‍රධාන විධායක නිලධාරිනී චතුරි මුණවීර සහ ශ්‍රී ලංකා පිළිකා සංගමය වෙනුවෙන් එහි සභාපතිනී අනෝජා කරුණාරත්න විසින් සිදු කරන ලදි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division