Home » ආබාධිත වූවන් සවිබලගන්වන Inclusive Threads වෙත JAAF සහාය

ආබාධිත වූවන් සවිබලගන්වන Inclusive Threads වෙත JAAF සහාය

by Mahesh Lakehouse
February 1, 2025 12:30 am 0 comment

ආබාධ සහිත පුද්ගලයන් මෙරට ශ්‍රම බළකායට එක් කර ගැනීමේ පියවරක් ලෙස, ඇඟලුම් කර්මාන්තයට ඔවුන් සම්බන්ධ කර ගැනීම සඳහා Inclusive Threads නම් වැඩසටහනක් හඳුන්වා දී තිබේ. ඔස්ට්‍රේලියාවේ විදේශ කටයුතු හා වෙළෙඳ දෙපාර්තමේන්තුවේ සහයෝගය යටතේ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ හා ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ හවුල්කාරිත්වයෙන් Better Work Sri Lanka විසින් මේ වැඩසටහන මෙහෙයවනු ලබයි. ඒ මඟින් වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන වැඩි දියුණු කිරීම, සේවා යෝජකයන් හා සේවකයින් ප්‍රායෝගික හැකියාවන්ගෙන් ශක්තිමත් කිරීම හා කර්මාන්තය පුරා රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කරයි.

මේ පිළිබඳ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ (JAAF) මහ ලේකම් යොහාන් ලෝරන්ස් පැවසූයේ, “විවිධත්වය හා සමානාත්මතාව දියුණු ඇඟලුම් කර්මාන්තයක අත්‍යවශ්‍ය සාධකයන් ලෙස පෙන්වා දිය හැකියි. එම කර්මාන්තය තුළ ඇති දුෂ්කරතා අවම කරමින් ආබාධ සහිත පුද්ගලයන්ගේ හැකියාවන් කර්මාන්තය වෙනුවෙන් යොදා ගැනීමේ අවස්ථාව Inclusive Threads වැඩසටහන සමඟ අපට ලැබී තිබෙනවා…” යනුවෙනි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division