Home » මුළු නුව­ර­එ­ළි­යෙම සිරි විඳින්න Eagle’s View Point යන්න

මුළු නුව­ර­එ­ළි­යෙම සිරි විඳින්න Eagle’s View Point යන්න

by damith
February 1, 2025 12:30 am 0 comment

නුව­ර­එ­ළිය දෙස්-විදෙස් සංචා­රක ආක­ර්ෂ­ණ­යට නතු වූ සංචා­රක පුර­ව­ර­යකි. මුහුදු මට්ටමේ සිට අඩි 6,182ක උසින් නුව­ර­එ­ළියේ පිහිටි ශාන්ති­පුර ගම්මා­නය මෙරට පිහිටි උසම ගම්මා­න­යද වෙයි. ගම්මාන කිහි­ප­ය­කින් මෙන්ම කුඩා නග­ර­ය­කින් හෙබි ශාන්ති­පුර ගම්මා­න­යට නුව­ර­එ­ළි­යට පිවි­සෙන සංචා­ර­ක­යන් යන්නේ උසම ස්ථානයේ සිට අවට සිරි නර­ඹන්න මෙන්ම උසම ස්ථානයේ පිහිටි ශාන්ති­පුර පන්ස­ලද වන්ද­නා­මාන කර­න්නය.

පසු­ගි­යදා ශාන්ති­පු­රට පම­ණක් නොව, නුව­ර­එ­ළි­ය­ටද නව අරු­ණැ­ල්ලක් උදා වූයේ ශාන්ති­පුර ඊගල්ස් නැර­ඹුම් ස්ථානය (Eagle’s View Point) විවෘත කිරී­මත් සම­ඟිනි. ගුවන් හමු­දාවේ ශ්‍රම දාය­ක­ත්ව­යෙන් හා ඉංජි­නේරු සහ­යෙන් ඉදි වූ මේ සුන්දර නැර­ඹුම් ස්ථානය ඉතා කෙටි කල­කින් නිම කිරී­මට ඔවුන්ට හැකි­යාව ලැබිණි. මේ සඳහා මූල්‍ය දාය­ක­ත්වය දැක්වූයේ සංචා­රක සංව­ර්ධන අධි­කා­රි­යයි.

“ගුවන් හමු­දාවේ කාර්ය­භා­ර­යක් ලෙසයි මේ නැර­ඹුම් මැදි­රිය සකස් වුණේ. මේ ව්‍යාපෘ­තිය හැදීමේ කට­යුතු ආරම්භ කළේ 2024 සැප්තැ­ම්බර 10 වැනිදා. දිවා රාත්‍රී වෙහෙස නොබලා අපට වැඩ කරන්න සිදු වුණා. ඒ, මාස තුනක් ඇතු­ළත මෙය නිම කිරීමේ අව­ශ්‍ය­තාව තිබුණ නිසා. මේ සඳහා රුපි­යල් මිලි­යන 47ක මුද­ලක් වැය වුණා. සංචා­රක ප්‍රව­ර්ධන මණ්ඩ­ලය මෙහි මූල්‍ය­මය දාය­ක­ත්වය සැල­සුවා. මෙය යුනික් බිල්ඩින් එකක්. වෙනත් තැන්වල දැක නැති ආකා­රයේ ගොඩ­නැ­ඟි­ල්ලක් හදන්න අපට වුව­මනා වුණා. පොළොව මට්ට­මේදී පළමු නැර­ඹුම් මැදි­රිය වින්ද­නය කරන්න පුළු­වන්. මුල් නැර­ඹුම් කුටියේ ගමේ ජන­තා­වගේ අලෙවි ප්‍රව­ර්ධන කුටි ඇතු­ළත් වෙනවා. අනෙක් තට්ටුව භාවිත කරන්නේ අපේ දේශීය තේ ප්‍රව­ර්ධ­නය සඳහා. එතැ­නින් උඩ රූෆ්-ටොප් එක.” ඒ ශ්‍රම දාය­ක­ත්වය සැපයූ ගුවන් හමු­දාවේ අද­හ­සයි.

මෙය විවෘත වූයේ විදේශ කට­යුතු, විදේශ රැකියා සහ සංචා­රක ඇමැති විජිත හේරත් හා හිටපු ගුවන් හමු­දා­පති එයාර් මාර්ෂල් උදේනි රාජ­ප­ක්ෂගේ සහ­භා­ගි­ත්ව­යෙන්.

“නුව­ර­එ­ළිය සංචා­රක කර්මා­න්ත­යට අලුත් පිය­ව­රක්. අපේ සංචා­රක ක්ෂේත්‍රය දිනෙන් දින ඉදි­රි­යට යන බව මෙයින් පෙන්නුම් කර­නවා. ශ්‍රී ලංකා ගුවන් හමු­දා­වත් සංචා­රක අමා­ත්‍යාං­ශ­යත් ඒකා­බ­ද්ධව මේ මන­රම් ස්ථානය සකස් කළා. දෙස් විදෙස් සංචා­ර­ක­යන්ට මුළු නුව­ර­එ­ළිය නග­ර­යම අලං­කා­ර­වත්ව දැක බලා­ගත හැකියි.” ඒ ඇමැති විජිත හේරත්ය.

මේ ශාන්ති­පුර ඊගල්ස් නැර­ඹුම් ස්ථානයේ සිට නුව­ර­එ­ළිය නග­රය, ග්‍රෙගරි වැව, කිකි­ළි­යා­මාන කඳු පන්තිය, පිදු­රු­ත­ලා­ගල, හක්ගල උද්‍යා­නය, ශ්‍රී පාදය, සප්ත කන්‍යා කඳු­වැ­ටිය මෙන්ම ඌව පළාතේ සොබා දහමේ සුන්ද­ර­ත්වය අපූර්ව ආකා­ර­යෙන් එක තැනක සිට වින්ද­නය කළ හැකි වෙයි. මින් පෙර නුව­ර­එ­ළි­යට පිවි­සෙන සංචා­ර­ක­ය­කුට එකම ස්ථාන­යක සිට මේ අත්දැ­කීම් වින්ද­නය කර­න්නට හැකි­යාව ලැබුණේ නැත. දැන් ඒ සඳහා සංචා­ර­ක­යන්ට අව­ස්ථාව උදා වී ඇත්තේය. ඒ, මෙය මුහුදු මට්ටමේ සිට අඩි 6,182ක උස­සින් පිහිටි ශ්‍රී ලංකාවේ උසම ගම්මා­නය වන ශාන්ති­පුර ඉදි කර තිබීම හේතු­වෙනි.

සංචා­ර­ක­යන්ට ඊගල්ස් වීව් පොයින්ට් වෙබ් අඩ­විය හරහා මාර්ග­ගත ක්‍රම­යට ටිකට් වෙන් කරවාගත හැකි බව අදාළ බල­ධා­රීහු පව­සති. දේශීය සංචා­ර­ක­ය­කුට පළ­මු­වැනි තට්ටුව දක්වා යෑමට රුපි­යල් 100ක් වැනි සුළු මුද­ලක්ද ඉහළ මාලය වන රූෆ්-ටොප් දක්වා යෑමට රුපි­යල් 500ක්ද අය කෙරෙයි.

සුභා­ෂිණි ජය­රත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division