Home » පැරා ඔලිම්පික් ලෝක වාර්තාවක් පිහිට වු සමිත දුලාන්ට නව හෙල්ලයක්

පැරා ඔලිම්පික් ලෝක වාර්තාවක් පිහිට වු සමිත දුලාන්ට නව හෙල්ලයක්

by yasara
January 30, 2025 4:17 pm 0 comment

2024 ලෝක පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි F44 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 67.03 දස්කමක් දක්වා නව ලෝක වාර්තාවක් පිහිටුවමින් රිදී පදක්කමක් දිනාගෙන කැපී පෙනෙන ජයග්‍රහණයක් අත්කරගත් ශ්‍රී ලංකා යුධහමුදා පොලිස් හේවා බලකායේ (SLCMP) බලලත් නිලධාරි සමිත දුලාන් කොඩිතුවක්කු මහතා වෙත ජනවාරි 29 දින අධ්‍යාපන අමාත්‍යංශයේදී අග්‍රාමාත්‍යවරියගේ අතින් නව හෙල්ලයක් පිරිනැමීම සිදුවිය.

2024 වර්ෂයේ ප්‍රංශයේ පැවැති පැරා ඔලිම්පික් උළෙලට සහභාගී වූ අවස්ථාවේ බලලත් නිලධාරි සමිත දුලාන් කොඩිතුවක්කු මහතා හමුවු සුභාෂිනී නිරංජලා වීරසිංහ මහත්මිය තම ශ්‍රී ලංකා සංචාරයේදී මෙම විශේෂ හෙල්ලය ලබා දීමට අදහස් කර ඇත.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද හමුදාවේ ක්‍රීඩා අධ්‍යක්ෂ සුභාෂිනී නිරංජලා වීරසිංහ මහත්මිය සහ සමිත දුලාන්ගේ පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත මහතා එක්වූහ.

සමිත දුලාන් ක්‍රීඩකයා විසින් අත් කර ගත් ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණයන්.

2016 යුද හමුදා ආධුනික මලල ක්‍රීඩා තරගාවලියේ වාර්තාවක් සමගින් – රන් පදක්කම දිනා ගැනීම

2018 යුද හමුදා පැරා මලල ක්‍රීඩා තරගාවලියේ – රිදී පදක්කම දිනා ගැනීම

2019 ජාතික පැරා මලල ක්‍රීඩා තරගාවලියේ – රන් පදක්කම දිනා ගැනීම

2020 ජාතික පැරා මළල ක්‍රීඩා තරගාවලියේ – රන් පදක්කම දිනා ගැනීම

2021 ජපානයේ පැවති පැරා ඔලිම්පික් තරගාවලියේ – ලෝකඩ පදක්කම දිනා ගැනීම

2022 ජාතික පැරා මළල ක්‍රීඩා තරගාවලියේ -රන් පදක්කම දිනා ගැනීම

2022 යුද හමුදා පැරා මළල ක්‍රීඩා තරගාවලියේ – රන් පදක්කම දිනා ගැනීම

2022 ඉන්දියා ජාතික විවෘත පැරා මළල ක්‍රීඩා තරගාවලියේ – රිදී පදක්කම දිනා ගැනීම

2023 ඕස්ට්‍රේලියා විවෘත පැරා මළල ක්‍රීඩා තරගාවලියේ – රිදී පදක්කම දිනා ගැනීම

2023 ප්‍රංශයේ පැවති ලෝක ශූරතා තරගාවලියේ – ලෝකඩ පදක්කම දිනා ගැනීම

2023 චීනයේ පැවැති ආසියානු මළල ක්‍රීඩා තරගාවලියේ – රිදී පදක්කම දිනා ගැනීම

2024 මොරොක්කෝ පැවති ලෝක ශූරතා තරගාවලියේ – රන් පදක්කම දිනා ගැනීම

2024 ජපානයේ පැවැති ලෝක ශූරතා පැරා තරගාවලියේ – රිදී පදක්කම දිනා ගැනීම

2024 ප්‍රංශයේ පැවති පැරා ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියේ – රිදී පදක්කම දිනා ගැනීම

 

 

 

 

 

 

 

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division