ජලය යනු අපට ස්වභාවධර්මයෙන් ලැබෙන වටිනා සම්පතකි. එය සුරැකීම ජලය නැතිනම් ජීවයක් නැත. ලෝකයේ සිටිනා සෑම ජීවයක්ම පවතින්නේ ජලය මත නිසාය. ජලය අපට ලැබෙන මාර්ග රාශියක් ඇත. අපට ජලය ගංගා, ඇළ, දොළ, ළිං, පොකුණු, උල්පත්, වැස්ස ආදියෙන් ලැබෙයි. බීමට, නෑමට, පිසීමට, රෙදි සේදීමට, වගා කටයුතුවලට, ජල විදුලිය නිපදවීමට, ජල ක්‍රීඩාවලට, විනෝදාස්වාදයට, ගෘහස්ථ කටයුතුවලට, ආදී බොහෝ දේට ජලය පාවිච්චි වේ.
මිනිසුන්ගේ දියුණුවත් සමඟ මෙතරම් කාලයක් මිනිසුන් සමඟ අඹ මිතුරෙක් ලෙස සිටින ජලය අද වන විට දූෂණය වී තිබේ. සීමිත සම්පතක් වන ජලය මිනිසාගේ නොදැනුවත්කම හා අදූරදර්ශී ක්‍රියා හේතුවෙන් දූෂණය වෙමින් පවතී. කෘෂි රසායන ද්‍රව්‍ය ජලාශලට එකතු වීම, ජලාශවල විවිධ ද්‍රව්‍ය සේදීම හා දැමීම, නාගරික කැළිකසළ හා අපවිත්‍ර ජලය ගංගා, ඇළදොළවලට බැහැර කිරීම, කර්මාන්ත ශාලාවලින් බැහැර කරන රසායන ද්‍රව්‍ය, අපවිත්‍ර ජලය ජලාශවලට මුදාහැරීම, පොලිතින්, ප්ලාස්ටික් වැනි දේ ජලාශවලට එකතු කිරීම, ගෘහස්ථ කැළිකසල ජලයට මුදා හැරීම වැනි අයහපත් ක්‍රියා නිසා ජලය දූෂණය වේ. මතුපිට ජලය දූෂණය වීම නිසා භූගත ජලය දූෂණය වීමට ද හේතුවේ. භුගත ජලය, පානීය ජලය ලෙස බහුලව භාවිත වන බැවින් මෙම අහිතකර ද්‍රව්‍ය ජලය හරහා ශරීරගත වේ. මේවා වකුගඩු රෝග, පිළිකා ආදී දරුණු රෝග රැසකට හේතුවේ. ජල දූෂණය අවම කිරීමට කඩිනම් පිළියම් නොගතහොත් පරිභෝජනයට ගත හැකි ජල ප්‍රමාණය තවත් අඩුවනු ඇත.
කේ.එම්. ගීතාවි සෞභාග්‍යා
6 ශ්‍රේණිය, සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලය,
මතුගම
සිප් මවුනි
මහා පෙරුමක් වීය මහතුන්
තනන්නට හෙට ලෝකයේ
දිසි දිගත දිය ලෙසින් දිනකර
සැම සෙවූ ඒ හෙට දිනේ
ගතින් වෙර ඇති සිතින් බල ඇති
දනන් හෙට ලොව ඇකයෙහි
තබා යන්නට බලා හිඳුනා
ඔබේ ගුණයයි කියැවුෙණ්
පිපෙන්නට මල් දහස් ගණනක්
හෙලා දියවර කඳුලෙනි
සදා සවනත ඔබේ ජය ගොස
වැකෙයි මහ හඬ නඟමිනේ
අරෝෂ සුමනදාස
12-බී 4,
නාලන්දා විද්‍යාලය, කොළඹ.
පාට පාට මල්…
හිරු නැඟෙමින් එන්නේ
ලොවට එළිය ගෙන දෙන්නේ
කුරුලු පැටවු නද දෙන්නේ
උදයේ අසිරිය ගෙන දෙන්නේ
පාට පාට මල් පිබිදේ
ගස්වැල්වල ඵල බරවේ
පුංචි ලේනු සතුටු වෙන්නේ
උදය අසිරිමත් වන්නේ
සීත සුළං හමනවා
මල් දේවියෝ හිනෙහෙනවා
පුංචි ළමෝ නටා ගයා
උදයට අසිරිය ගෙන දෙනවා
එම්.එෆ්. හයා
8 ශ්‍රේණිය බී,
දේවපාල විදුහල,
පොල්ගොල්ල, ගොකරැල්ල.
උදෑසන අසිරිය
නැඟෙනහිර අහසේ එබී බලන හිරු කුමරා උදෑසන අසිරිය අපට කියාපානු ඇත. කීචි බීචි ගා අවදි වන කුරුලන්ගේ හඬින් උදෑසන චමත්කාර වේ. පිපී වැනෙන පුෂ්පයන් මුළු පරිසරයටම එක් කරන්නේ මහත් සුවඳකි. තණ අග වැටුණු පිනි බිඳු හිරුකිරණින් දිලිසෙන්නේ මුතුකැට බිම වැටුණාක් මෙනි. සතර දෙසින් ගලා එන සිසිල් සුළං දහරාවෝ අපගේ ගත සිත ප්‍රබෝධවත් කරති. මේ අසිරිමත් සිදුවීම් පෙළ උදෑසන අසිරිය දෙගුණ තෙගුණ කරයි.
සුදෝ සුදු ඇඳුමින් සැරසුණු ළමයින් පාසල් කරා ඇදෙන දසුන උදෑසන සුන්දර කරයි. කුඹුරු කරා ඇදෙන ගොවියෝ උදෑසන අසිරිය තවත් වඩවති. දවසේ සුන්දරම කාලය වන උදෑසන අසිරිය මෙලෙස විඳගැනීමට පුළුවන.
එන්.ඩබ්.ජී. විනුජ සස්රුත 6 ශ්‍රේණිය ඩී,
විද්‍යාලෝක විද්‍යාලය, ගාල්ල.
මා කැමතිම පුදබිම
අපි පසුගිය දවසක අනුරාධපුරේ ගියෙමු. අම්මා එක්ක බස් එකේ ගිය ඒ ගමන හරි සුන්දරයි. උදේ පාන්දර කොළඹට ඇවිල්ලා අපි අනුරාධපුරයට යන බස් රථයකට නැග්ගෙමු. අයියයි නංගියි මමයි විතරයි අම්මත් එක්ක එදා ගමන ගියේ. තාත්තා එදත් වැඩ. අපි අනුරාධපුරේ ගියේ දාන පින්කමකට සහභාගි වීමටය.
අනුරාධපුරය හරි ලස්සන නගරයක්. අපි අම්මා එක්කගෙන උඩමළුව වඳින්තත් ගියෙමු. රෑට හඳ පායලා හරිම ලස්සනයි. උඩමළුවේ ජයසිරි මහ බෝධීන් වහන්සේ වැන්දාට පසු අපි රුවන්මැලි මහ සෑයත් වැන්දෙමු. සීතල සුළං හමන ඒ සැන්දෑව හරි ලස්නයි කියා මට සිතුණි. ආයෙම දවසක අනුරාධපුරේ යන්න මට හරි ආසයි.
සෙතුලි තෙහස්නා
3 ශ්‍රේණිය, ලුම්බිණි මහා විද්‍යාලය,
වැල්ලවත්ත.
වැස්ස වහිනවා
හෝ හෝ ගා වැස්ස වහියි
ගස්වල අතු කොළ ඇඹරෙයි
කුරුලු රංචු සැඟව ගනියි
අඳුරු වලා අහසෙ පිරෙයි…
මහ වැස්සේ සීත දැනෙයි
සුළං පාර හරිම තදයි
කඩදහි ඔරු දෙකක් හදන්
මට එළියට යන්න හිතෙයි…
තරුලි අමල්කි
5 ශ්‍රේණිය බී,
සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලය,
පිළියන්දල.