Home » දක්ෂිණ අධිවේගයේ අනතුරින් බස් රියැදුරු මරුට

දක්ෂිණ අධිවේගයේ අනතුරින් බස් රියැදුරු මරුට

රුසියානු සංචාරකයන් 19කට තුවාලයි

by Mahesh Lakehouse
January 18, 2025 12:35 am 0 comment

රුසියානු සංචාරකයන් ප්‍රවාහනය කරමින් තිබුණු සුඛෝපභෝගී බසයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ 138 වැනි කිලෝමීටර කණුව අසලදී සිකුරාදා (17) අලුයම සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබුණ ලොරියක ගැටීමෙන් බසයේ රියැදුරු ජීවිතක්ෂයට පත්ව, සංචාරකයන් 19 දෙනකු තුවාල ලබා ඇත.

අනතුර සිදු වන අවස්ථාවේ රුසියානු සංචාරකයන් 30 දෙනකු බසයේ ගමන් කරමින් සිටි බවත්, බසය සහ සිමෙන්ති ලොරිය තංගල්ල දෙසට ධාවනය වෙමින් තිබුණු බවත් පොලීසිය කියයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක සහ බෙලිඅත්ත අතරදී මේ අනතුර සිදු වී ඇත. තුවාල ලැබූ සංචාරකයන් රෝහල්ගත කරනු ලැබූ අතර, මේ අනතුර පිළිබඳ රුසියානු තානාපති කාර්යාලයද පොලීසිය විසින් දැනුවත් කර තිබේ.

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division