Home » ‘ක්ලීන් ශ්‍රී ලංකා’ විවාදය ලබන සතියේ

‘ක්ලීන් ශ්‍රී ලංකා’ විවාදය ලබන සතියේ

by Mahesh Lakehouse
January 18, 2025 12:36 am 0 comment

පාර්ලිමේන්තුව 2025 ජනවාරි 21 අඟහරුවාදා සිට 24 සිකුරාදා දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය කර ඇත.

මේ අනුව ජනවාරි 21 අඟහරුවාදා පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි සඳහන් 1 සිට 6 දක්වා වන පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇති අතර, පෙ.ව. 10.00 – පෙ.ව. 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහාත්, පෙ.ව. 11.00 – පෙ.ව. 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහාත් වෙන් කර ඇත.

අනතුරුව පෙ.ව. 11.30 සිට ‍ප.ව. 5.30 දක්වා රජය විසින් ගෙනෙනු ලබන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය පැවැත්වීමෙන් අනතුරුව 22 බදාදා දිනද පැවැත්වීම සඳහා දෙවැනි දිනට කල්තැබීමට මෙහිදී තීරණය විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division