ආයුර්වේද ඖෂධ නිෂ්පාදනවල ගුණාත්මක බව වැඩි කර, තරගකාරීව වෙළෙඳපොළට නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් දේශීය වෛද්‍ය අංශයට අයත් නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
ඒ සඳහා අවශ්‍ය දේශීය අමුද්‍රව්‍ය සපයා ගැනීමට ග්‍රාමීය ජනතාවගේ සහය ගැනීමටද සැලසුම් කර තිබේ. එමෙන්ම ඖෂධ, ශාක සහ පැළෑටි වගා කිරීමේ ක්‍රමවේද සකස් කිරීමට සැලසුම් කරන බවත්, ඒ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහයෝගය ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
විශේෂයෙන්ම ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාව නිෂ්පාදනය කරන ඖෂධ, ජනතාව එදිනෙදා භාවිත කරන රූපලාවණ්‍ය නිෂ්පාදන, ඖෂධ පාන වර්ග, වේදනා නාශක, සනීපාරක්ෂක ද්‍රව්‍ය ආදී සියලු නිෂ්පාදන තරගකාරි වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් සකස් කිරීම කෙරෙහිද අවධානය යොමුව ඇත.