Home » විදුලි බිල අඩු කෙරේ

විදුලි බිල අඩු කෙරේ

20%කින් අඩු කරන්න කොමිසමෙන් නිර්දේශ

by Mahesh Lakehouse
January 18, 2025 12:40 am 0 comment

ක්‍රියාත්මක කිරීම මුදල් අමාත්‍යාංශ උපදෙස් අනුව

විදුලි බිල 20%කින් අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමැතිය දී තිබේ. ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනයට අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම නිර්දේශ නිල වශයෙන් ලැබීමෙන් පසු මුදල් අමාත්‍යාංශයේ උපදෙස් අනුව සිදු කෙරෙනු ඇත.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිර්දේශයන්ට අනුව ඒකක 30ක් පරිභෝජනය කරන විදුලි පාරිභෝගියකුගෙන් මේ දක්වා ඒකකයකට අය කළ රුපියල් 6ක මුදල රුපියල් 4 දක්වා අඩු කර ඇති අතර, ඒකක 31 සිට 60 දක්වා ඒකකයකට අය කළ රුපියල් 9ක මුදල රුපියල් 6 දක්වා අඩු කර තිබේ.

මාසික ගාස්තුවද ඒකක 30ක් දක්වා රුපියල් 100 සිට රුපියල් 75ක් දක්වා අඩු කර ඇති අතර, ඒ අනුව ඒකක 30ක විදුලි බිලක් වෙනුවෙන් මේ දක්වා අය කළ රුපියල් 280ක මුදල රුපියල් 195 දක්වා අඩු කර තිබේ. ඒකක 90ට වැඩි ඒකක 180ක් දක්වා විදුලි බිල 19%කින් අඩු කර ඇත. මහජන මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කර සිටින්නේ මීට අමතරව පොදු කාර්ය සඳහා විදුලි බිල 12%කින්ද, රාජ්‍ය ආයතන සඳහා 11%කින්ද සංචාරක හෝටල් සඳහා 31%කින්ද, කර්මාන්ත සඳහා 30%කින්ද, ආගමික ස්ථාන සඳහා 21%කින්ද, වීථි ලාම්පු සඳහා 11%කින්ද, විදුලි ගාස්තු අඩු කළ බවයි. පසුගිය දෙසැම්බර් 6 වැනිදා විදුලි බිල අඩු කිරීමේ යෝජනාව ඉදිරිපත් කෙරුණු අතර, දෙසැම්බර් 17 වැනිදා සිට මහජන අදහස් විමසීම අරඹන ලදි. මෙහිදී විදුලිබල මණ්ඩලය මාස 6ක් යන තෙක් විදුලි බිල අඩු කළ නොහැකි බව පැවසුවද කොමිෂන් සභාව නිර්දේශ කර තිබුණේ විදුලි බිල 11%කින් අඩු කළ යුතු බවයි.

පසුව ලිඛිත හා වාචික මහජන යෝජනා සැලකිල්ලට ගනිමින් පැවැත්වූ කමිටු සාකච්ඡාවෙන් පසුව විදුලි බිල 20%කින් අඩු කිරීමට කොමිෂන් සභාව කටයුතු කර ඇත.

පසුගිය සිකුරාදා රැස් වූ කොමිසමේ සභාපති මහාචාර්ය ලලිත් චන්ද්‍රලාල්, සාමාජිකයන් වන ඉංජිනේරු පියල් හෙන්නායක සහ ආචාර්ය චතුරි සමන්මලී ප්‍රනාන්දු විසින් මේ තීරණය ප්‍රකාශයට පත් කරන ලදි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division