මේෂ – ධෛර්යය උපදවා කටයුතු කරන්න
සඳු ගමන් ගන්නේ 6, 7, 8, 9 යන භාවයන් මතිනි. දුර ගමන් බිමන් යෙදෙන්නට හැකි මේ සතියේ ගෘහ ජිවිතය තුළ තිබු කරදර අවම විය හැකි වුවත් ආර්ථිකය ගොඩ නඟා ගැනීමට මහත් වෙහෙසක් දරන්නට සිදුවේ. රැකියා ව්‍යාපාර ලාභ පෙන්වයි. පොදු වැඩ වලට සහභාගිත්වය. පුණ්‍ය කටයුතුවල මූලිකත්වය ලබයි. චිත්ත ධෛර්ය උපදවා කටයුතු කරන්න. අපල අවම වීමට මව්පියන්ට සලකන්න.
සුබ අංක – 1, 2 / සුබ වර්ණ – රතු, නිල් / සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා
වෘෂභ – අධ්‍යාපන කටයුතු සපල වේ
සඳු ගමන් ගන්නේ 5, 6, 7, 8 යන භාවයන් මතිනි. ආරම්භය සතුටුදායකය. දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කැප කරන කාලය අපතේ නොයයි. හොඳ ගුරුවරුන් ලැබේ. විවාහය ප්‍රමාද වු අයට මංගල යෝජනා ඉදිරිපත් වේ. වෙළඳ ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන හිමිකර දෙයි. සමාජයේ ප්‍රියමනාප පුද්ගලයෙකු කරයි. සතිය අවසානයේ ගමන් බිමන් යන විට ප්‍රවේශම් විය යුතුය. අපල අවම වීමට රෝගීන්ට උපකාර කරන්න.
සුබ අංක – 8, 5 / සුබ වර්ණ – කොළ, සුදු / සුබ දවස් – සෙනසුරාද, බදාදා.
මිථුන – මවගේ සහයෝගය
සඳු ගමන් ගන්නේ 4, 5, 6, 7 යන භාවයන් හරහාය. මව් පාර්ශ්වයෙන් උදව් උපකාර මෙන්ම ස්ත්‍රී පක්ෂයේ හිතවත් අයගෙන් සහයෝගය ලැබෙයි. දරුවන්ගේ සිතුම් පැතුම් ඉටුවන සුබ පල ගෙන දෙන කාල සීමාවකි. සතුරු කරදර අවම වන අතර වෙළඳ ව්‍යාපාර රැකියා අංශවල දියුණුවද සැලසේ. අපල අවම වීමට ඉවසීම මධ්‍යස්ථ බව ඇති කර ගන්න.
සුබ අංක – 3, 5 / සුබ වර්ණ – කොළ, සුදු / සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා.
කටක – දරුවන්ගේ දක්ෂතා
සඳු ගමන් ගන්නේ 3, 4, 5, 6 යන භාවයන් මතිනි. සහෝදර උපකාර ලැබේ. කරන කියන රැකියාවලින් ලාභ ප්‍රයෝජන අත්වේ. දරුවන්ගේ දක්ෂතා ක්‍රීඩා අංශ දියුණුවේ. සමහර විට සිත් රිදීම් කළ කිරීම් ආදිය ඉඩ ඇත. ඒවා ඉවසීමෙන් විඳ දරාගෙන ඉදිරියට යාමට සිදුවේ. ස්වයංරැකියා වැනි උත්සාහයෙන් කරන දේවල් ජය ගත හැකිය. අපල අවම වීමට සඳුදා දිනයේ බෝධි පූජා පවත්වන්න.
සුබ අංක – 7, 9 / සුබ වර්ණ – සුදු, කහ / සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා.
සිංහ – අතමිට මිල මුදල් ගැවසේ
සඳු ගමන් ගන්නේ 2, 3, 4, 5 යන භාවයන් හරහාය. ඔබ කරන කියන රැකී රක්ෂා, ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන හිමිවේ. සහජ දක්ෂතා ඔප් නංවාගත හැකිය. සහෝදර පක්ෂයේ උදව් උපකාර ලැබේ. සතියේ මැද මවගේ සිත් රිදෙන ක්‍රියාවක් හෝ වචනයක් පිටවිය හැකි බැවින් බොහෝ කල්පනාවෙන් ඉවසීමෙන් සහ මෛත්‍රී සහගතව කටයුතු කරන්න. අපල අවම වීමටද එය හේතු වේ.
සුබ අංක – 4, 5 / සුබ වර්ණ – රතු, තැඹිලි / සුබ දවස් – අඟහරුවාදා, බදාදා.
කන්‍යා – පදිංචි ස්ථානයේ දියුණුව
සඳු ගමන් ගන්නේ 1, 2, 3, 4 යන භාවයන් මතිනි. ඔබගේ ක්‍රියා කලාපයන් පිළිබඳ අන්‍යයන් සතුටට පත්වෙයි. දුරදිග බලා කටයුතු කරන්නට පෙලඹේ. ආර්ථිකය ශක්තිමත් වේ. සතියේ මැදදී ගැටලු ඇති විය හැකියි. ඇසුරු කරන අය සමඟ සිත් රිදීම් කළ කිරීම් ඇති විය හැකි බැවින් බොහෝ කල්පකාරීව වැඩ කටයුතුවල නිරතවන්න. නිවාස අලුත්වැඩියා කිරීම් ගෙදර දොර පිළිවෙළකට තබා ගැනීමට උත්සාහ දරයි. අපල අවම වීමට මෙත් සිතින් කටයුතු කරන්න.
සුබ අංක – 2, 3 / සුබ වර්ණ – කොළ, කහ / සුබ දවස් – බදාදා, සිකුරාදා.
තුලා – ස්වයංරැකියාවලින් ලාභ
සඳු ගමන් ගන්නේ 12, 1, 2, 3 යන භාවයන් හරහාය. ආරම්භය තරමක් ගැටලු ඇති වුවත් ඉන්පසු ඔබගේ උත්සාහයේ ප්‍රතිඵල අත්කරදෙයි. පොදු වැඩ පුණ්‍ය කටයුතුවලට දායකවීමක් ද පෙන්නුම් කරයි. වචන භාවිතයේදී ප්‍රවේශම් වීම වැදගත් වේ. සහජ දක්ෂතා තුළින් කරගෙන යන රැකියා පල දරයි. අපල අවම වීමට භාවනාවක යෙදෙන්න.
සුබ අංක – 4, 7 / සුබ වර්ණ – සුදු, තැඹිලි / සුබ දවස් – සෙනසුරාදා, ඉරිදා
වෘශ්චික – ලැබීම් සහිතයි
සඳු ගමන් කරන්නේ 11, 12, 1, 2 යන භාවයන් මතිනි. ආරම්භය සතුටුදායකය. ලැබීම් සහිතය. පොදු සාමාජයීය කටයුතුවල නියැලෙමින් අන්‍යයන් හා සුහදත්වය ගොඩනඟා ගනියි. හිතමිතුරු ඥාති සියලු දෙනාගෙන්ම උපකාර හිමිවෙයි. දරුවන්ගේ අධ්‍යාපනික කටයුතුවලට නැණ නුවණ පාදයි. උසස් සිතුවිලි වැඩි දියුණු වේ. අපල අවම වීමට අභිසම්භිධාන පිරිත කියන්න.
සුබ අංක – 2, 7 / සුබ වර්ණ – රතු, තැඹිලි / සුබ දවස් – අඟහරුවාදා, ඉරිදා
ධනු – රැකියා ලාභ
සඳු ගමන් ගන්නේ 10, 11, 12, 1 යන භාවයන් මතිනි. රැකියා, ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන මෙන්ම උසස්විම් පඩි වැඩිවීම් ආදියට ද ඉඩ ඇත. ඇවිදිලි වැඩිවේ. දරුවන්ගේ ප්‍රමාද වූ විවාහ, රැකියා ආදියට ද සුබපල ගෙන දෙයි. ගෙදර දොර අතපසු වී තිබූ වැඩ කොටස් නැවත ප්‍රතිස්සංකරණය වේ. නැතහොත් ඉඩම්, නිවාස වැඩ ආරම්භ කරයි. අපල අවම වීමට බෝධීන් වහන්සේට පැන් කළයක් දමා වැටී ඇති බෝපත්‍ර අහුලා දමන්න.
සුබ අංක – 3, 5 / සුබ වර්ණය – කහ / සුබ දවස් – ඉරිදා, බදාදා
මකර – පුණ්‍ය කටයුතු සිදු කරයි
සඳු ගමන් ගන්නේ 9, 10, 11, 12 යන භාවයන් හරහාය. පුණ්‍ය සිතුවිලි සහිතව ආරම්භ කෙරෙන සතියේ ඔබගේ බොහොමයක් බලාපොරොත්තු ඉෂ්ටවීමේ ප්‍රවණතාවයක් ඇත. ගෙදරදොර වැඩකටයුතු පිළිවෙලට ක්‍රමානුකූලව කරන්නට උත්සාහයක් දරයි. ලැබීම් සහිතයි. ආර්ථිකය ශක්තිමත් වේ. සතිය අවසානයේ පාඩුවක් හෝ දුර ගමනක් යෙදෙන්නට ඉඩ ඇත. අපල අවම වීමට සූරිය පිරිත කියන්න.
සුබ අංක – 6, 8 / සුබ වර්ණය – නිල් / සුබ දවස් – අඟහරුවාදා, බදාදා
කුම්භ – විදෙස් ගමන් සපල වේ
සඳු ගමන් ගන්නේ 8, 9, 10, 11 යන භාවයන් හරහාය. ආරම්භය ගැටලු සහගත විය හැකිය. ඉන්පසු දින කීපය යහපත්ය. සහෝදර උපකාර හිමිවන, සහජ දක්ෂතා වැඩිදියුණු වන සතියකි. ආර්ථිකය ශක්තිමත් වේ. විදෙස් ගමන් බලාපොරොත්තුවෙන් සිටියේ නම් ඒවා සඵල වේ. කලක් හිතේ තිබූ බලාපොරොත්තු ඉටුකර ගැනීමට සූදානමක් පෙන්නුම් කරයි. අපල අවම කර ගැනීමට අන්‍යයන්ගේ යහපත් වැඩවලට උපකාර කරන්න.
සුබ අංක – 3, 9 / සුබ වර්ණය – නිල් / සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා
මීන – යහපත් සතියකි
සඳු ගමන් කරන්නේ 7, 8, 9, 10 යන භාවයන් හරහාය. ව්‍යාපාර කටයුතු පිළිබඳ උනන්දු වුවහොත් සෑහෙන ලාභයක් ඔබට හිමිකර ගත හැකි සතියකි. හවුල් ව්‍යාපාර ද සාර්ථකත්වය පෙන්වයි. සතියේ දෙවන දින ගැටලුකාරී බැවින් කරන කියන වැඩවලදී කල්පනාකාරී වන්න. සති අග පිනට දහමට ලැදිව උසස් උගත් යහපත් මිනිසුන් ඇසුරු කරමින් කල් ගෙවයි. යහපත් වූ සතියකි. අපල අවම කර ගැනීමට බෝ මළුව අමදින්න.
සුබ අංක – 3, 9 / සුබ වර්ණය – කහ / සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා