Home » ඔබේ ජීවි­ත­යම දින­වන මහා­නු­භාව සම්පන්න සර­ස්වතී පූජාව

ඔබේ ජීවි­ත­යම දින­වන මහා­නු­භාව සම්පන්න සර­ස්වතී පූජාව

by Mahesh Lakehouse
January 18, 2025 12:30 am 0 comment

පූජා­වට පළ­මු­වත් පූජා­වෙන් පසු තෙම­ස­කුත් නිර්මාංස විය යුතුයි

උතුම් සර­ස්වතී දෙව­ඟන වෙනු­වෙන් බල­වත්ම පූජා­වන් සිදු­ ක­රන අයුරු මම අද ඔබට තිළිණ කර­න්නම්. වච­නයේ පරි­ස­මා­ප්ති­යෙන්ම කිය­නවා නම් මේ උතුම් දෙව­ඟ­නට පුද පූජා සිදු­ කි­රී­මෙන් ඔබට ඔබේ මුළු දිවි­යම ජය­ගත හැකි වනු නිය­තය. ඔබේ දරු­වාගේ අධ්‍යා­ප­නය වෙනු­වෙන් ජන්ම පත්‍රයේ පස්වැන්න, දෙවැන්න, නව­වැන්න සේම හතර වැන්න, දස වැන්න ද ඉතාම සුවි­ශේ­ෂිය. එමෙන්ම පර­ම්ප­රා­ගත ඥානය ද ආත්ම­යෙන් ආත්මය ඔබ පසු­පස පැමිණේ. නිවැ­රැ­දිම දැනුම් සම්භා­රය, පාරි­ශු­ද්ධ­ත්වය උතුම් සර­ස්වති දෙව­ඟ­නට පුද පූජා තබන ඔබට නිසැ­ක­වම ලැබේ.

අධ්‍යා­ප­නය සම්බන්ධ කලාව සහ සන්නි­වේ­ද­නය ඇතුළු ඕනැම කාර්ය­කදී මෙන්ම කුඩා දරු­වාගේ අකුරු කිය­වීමේ චාරි­ත්‍රයේ පටන් ග්‍රන්ථ­ක­ර­ණය, නාට්‍ය, චිත්‍ර­පට, ජ්‍යොතිෂ්‍ය, නර්තන, සංගීත මාධ්‍ය ඇතුළු විවිධ කට­යුතු ආර­ම්භ­යේදී උතුම් සර­ස්වතී දෙව­ඟ­නට පුද පූජා තැබී­මෙන් අති විශිෂ්ට ප්‍රති­ඵල ලබා ඔබේ මුළු දිවි­යම ජය­ගත හැකිය.

ඔබ ඉතා පිරි­සි­දුව මේ මහා හාස්කම් සහිත පූජාව තබන්නේ නම්, උතුම් සර­ස්වතී දෙව­ඟ­නට දින­පතා පහ­නක් දල්ව­නවා නම් ධන ධාන්‍ය­යෙන් පරි­පූර්ණ සේම ‘උතු­මන්ගේ’ ගෞර­ව­යට ද පාත්‍ර වන මනා ධාරණ ශක්තිය මෙන්ම චතුර කථි­ක­ත්ව­ය­කින් යුක්ත ජීවි­ත­යක් ඔබට තිළිණ වනු නො අ­නු­මා­නය. මම මෙහි සඳ­හන් කරන සර­ස්වතී පූජාව මහා බල­ස­ම්පන්න, අත්දුටු, දින ගණ­නක් හෝ තෙම­සක් ඇතු­ළ­තදී ඔබේ ජීවි­ත­යම ජය­ගත හැකි අති දුර්ලභ පූජා­වකි. මෙය සුවි­ශේෂි වන්නේ පහත සඳ­හන් අය සඳ­හාය.

1. වයස අවු­රුදු 02 සම්පූර්ණ වී 04 වසර ලැබී­මට පෙර උතුම් අකුරු ශාස්ත්‍රය මංග­ල්‍ය­යක් ලෙස යොදා ගැනී­මට පෙර දරු­වන්ට
2. නිසි වය­සේදී වචන උච්චා­ර­ණය නිය­මා­කා­ර­යෙන් නොවන දරු­වන්ට
3. ආර්ථි­කය පිරිහී දරුණු අපල ඵල­දීම හේතු­වෙන් දුකට පත්ව සිටින අයගේ මනස සවි­මත්ව ගොඩ­නඟා ගැනු­මට
4. කලා, විද්‍යා, වාණිජ යන කුමන ක්ෂේත්‍ර­ය­කින් හෝ ඉදි­රිය ජය ගැනු­මට අවශ්‍ය අයට
5. ග්‍රන්ථ­යක්, නාට්‍ය­යක්, චිත්‍ර­ප­ට­යක් එළි­දැ­ක්වී­මට ඉදි­රි­යේදී සැල­සුම් කරන අයෙ­කුට
මෙම පූජාව තැබී­මට දින 14 ප්‍රථ­ම­වත්, පූජාව තබා තෙම­සක් තුළ­වත් ඔබ නිර්මාංශ විය යුතුය. දේව පූජා තැබී­මට පෙර වත්ත සහ ඔබ පදිංචි නිවස පිරි­සුදු කළ යුතු ආකා­රය මීට ඉහත මම ඔබ දැනු­වත් කර ඇත්තෙමි. තමා සිටින කාම­රය දෙහි සහ කහ දිය­ර­ව­ලින් ශුද්ධ පවිත්‍ර කර හිසට ඉහ­ළින් උතුම් සර­ස්වතී දෙව­ඟ­නගේ පිළි­රු­වක් තබා සුවඳ හඳු­න්කූරු සුවඳ දුම් එක දිග දල්වන්න. ඔබ බුදුන් වැඳ දෙවි­ය­න්ට පින්දී උතුම් සර­ස්වතී දේවි­යට ද පින් දෙන්න. ඔබට වැඩ අවැඩ සිහි­නෙන් පෙන්වා දෙනු ඇත.

අවශ්‍ය ද්‍රව්‍ය : මල් වර්ග 05, නොඉ­ඳුල් කැවිලි වර්ග 05, පල­තුරු වර්ග 05, හඳු­න්කූරු, කපුරු, සාම්බ්‍රානි, තැඹිලි ගෙඩි­යක්, ගිතෙල් මිශ්‍ර කිරි­බත්, උක් හකුරු, විලඳ, ගලගා ගත් සුදු­හ­ඳුන්…
පුර­පස බදාදා දිනෙක දිය නා පිරි­සිදු වී රාත්‍රී 8 – 9 අතර සුදු ඇඳු­මින් සැරසී අවට සුවඳු දුම් අල්ලන්න. සකස් කර­ ගත් මල් ආස­නය මත පිරි­සිදු නැවුම් පැන් හත්ව­රක් පෙරා කෙන්ඩි­ය­කට දමන්න. ඊට ගලගා ගත් සුදු හඳුන් කුඩු මිශ්‍ර කරන්න. පහන්, කපුරු, හඳු­න්කූරු දල්වා උතුරු දිශාව බලා ජප කිරීම අර­ඹන්න.

“ශාස්ත්‍ර ගාම ධාරී ගුණ ගුරු සම්ප්‍ර­යුත්තං
ලෝක චාරි ප්‍රියං­ගනා විද්‍යා ධරං
සර­ස්වතී දේවි සුර ආසන ප්‍රවිශ්ඨං”
(මෙය 21 වරක් කියන්න)
සර­ස්වතී මහා­දේවී වීනා පුස්ථක ධාරණී
හංස­වා­හිනී සමා­යුත්තේ විද්‍යා­ධනං කුරු මම
සර­ස්වතී නමෝ මයියං වර දේව කාම­රූ­පති
විද්‍ය­රම්භං කර­ස්සාමි සර­ස්වතී නම­ස්තුමේ….
(මේ නම­ස්කා­රය 21 වරක් ජප කරන්න)
මන්ත්‍රය
ඕං ශ්‍රිං දරණ දීපොති දහ බුරු­නේ­ශ්චර හර හරන
ඉරු­වට්ට හරිත්‍ය භගනි වර වර කාම දේවි මහ
සර­ස්වතී සරණි මා කෙරේ…
හ්‍රිං ත්‍රිං ප්‍රොං ටංරාම රූපනී නමඃ
ඕං ටං කිරුළ
පිර­මිනී උග්‍ර­තේ­ජනී ප්‍රොං විංසනී
රීං රීං රං රං ප්‍රොං
ටං රාම රූපනී නමඃ සකල බර දරණ – ශ්‍රි මරණ
රචන්ද බ්‍රජා ජයා­සනෝ සත්තා හනු­මන්තා ප්‍රභා

ඉතාම බල­ස­ම්ප­න්නව පැන් කළය ඉතිරී යන තෙක් ජප කරන්න. එවිට මන්ත්‍රය සිද්ධි වී ඇත. ඉන්පසු එම පැන් කළය දින 07 පානය කර (හිස්බඩ) දෙවන බුධ දින ද මෙලෙ­සම සිදු කර දින 07ක් පැන් පානය කරන්න. මහා බල­ගත්‍ර ලෙස ශිල්පය, ඥානය ඔබට ලැබී ඔබේ දිවි­යම දිනනු ඇත. සියලු මාන­සික ගැටලු, ආර්ථික ප්‍රශ්න විස­ඳෙන අති ප්‍රබල අත්දුටු ගුරු කෙම් ක්‍රම­යකි මේ.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී දේශමාන්‍ය, දේශකීර්ති ගීතාංගනී ගුණසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division