Home » සියලු දෙනාගේ ආක­ර්ෂ­ණය ලැබෙන මාතාංගේශ්වරී තිල­කය

සියලු දෙනාගේ ආක­ර්ෂ­ණය ලැබෙන මාතාංගේශ්වරී තිල­කය

by Mahesh Lakehouse
January 18, 2025 12:30 am 0 comment

ගුප්ත ශාස්ත්‍රයේ එන විශේ­ෂිත ක්‍රම­වේ­ද­යකි වශිය. වශි අතර ප්‍රධාන තැන­කට එන අති විශිෂ්ට ක්‍රම­යකි. ‘සර්ව­ජන ආක­ර්ෂණ ක්‍රම­වේ­දය’ මෙම ක්‍රම­වේ­ද­යන් අපේ මුතුන් මිත්තන් පුරු­ද්දක් ලෙස භාවි­ත­යට ගෙන ඇති බව පෙනී යන කරු­ණකි. අද ඔබට මම ඉදි­රි­පත් කරනු ලබන්නේ ඉතා දුර්ලභ අති ප්‍රබල ප්‍රති­ඵල ගෙන දෙන ‘සර්ව­ජන ආක­ර්ෂණ, ක්‍රම­යකි.

මෙය ඔබට භාවි­ත­යට ගැනී­මට හැකි නම් ඇත්තෙන්ම ඔබ රජුන් අතර රජ­කු­ මෙන් ජීවත් වීම­ටත් රජ නොවු­ නා නම් රජකු මෙන් ජීවත් වීමට අවශ්‍ය බලය, ධනය, පරි­වාර සම්පත් ආදි මිනි­ස­කුගේ ජය­ග්‍ර­හ­ණය සඳහා වු අවශ්‍ය වටපිටාව ඉබේම මෙන්ම නිරා­යා­ස­යෙන් සැක­සෙන බව නම් සත්‍ය­යකි. අති ප්‍රබල මෙම ක්‍රම­වේ­දය ඔබගේ ජීවන අව­ශ්‍යතා සපුරා ගැනීම සඳහා නිවැ­රැ­දිව භාවි­ත­යට ගැනීම සඳහා ඉදි­රි­පත් කරමි.

මාතාංගේශ්වරී තිල­කය
ඇඹුල ඉපිල පොන්නරු එළ­ඔ­ලිඳ ඇටා
කොට්ටන් ලාක­ඩද අන්දර පිළිල පටා
මේ සැම ඇඹ­රු­මෙන් නළලේ තිලක ජටා
මුණ බැලු දඩු කඳ­වත් එකි ළඟටා

මෙම කවි­යෙහි තේරුම
ඕලු අල, මානෙල් අල, සුදු නෙළුම් අල, එළ ඔලිඳ ඇට, සුවඳ කොට්ටන් ලාකඩ අන්දර පිළිල පොතු ඇසු­රෙන් සකස් කරන වශිය ඔබට ආක­ර්ෂ­ණය ගෙන දෙන හැටි

ක්‍රම­වේ­දය
ඉහත ඖෂධ ඇල්දි­යෙන් අඹරා පහත සඳ­හන් මන්ත්‍ර­යෙන් 1008 වරක් ජප කරන්න.

ඕං වෙං ශ්‍රිං ශ්‍රිං කිලිං සෞං නමෝ භාග­වති ශ්‍රී
මාතාංගේශ්වරී සර්ව මනෝ­හාරි සර්ව මුඛ රාජිනී ක්ලිං ශ්‍රීං ශ්‍රීං සර්ව රාජ වසං­කාරි සර්ව­දුෂ්ට මෘත වසං­කාරි සර්ව සත්ව වසං­කාරි සර්ව­ලෝක වසං­කාරි සර්ව ධන ධාන්‍ය වසං­කාරි සර්ව යක්ෂ භූථ ප්‍රේත පිසාච ඩාකිත වශං­කාරි අමුකං මේ වස­මා­නාය මහා­රා­ජම් මේ වස­මා­නාය සෞං ශ්‍රීං ශ්‍රීං කිලිං ඓං ශ්‍රීං ශ්‍රීං ඕං ස්වාහඃ
උතුර බලා පුර පෝ දිනක අංග සම්පූර්ණ මල් යහ­නක් තනා පල­තුරු පොල් බුලත් පුවක් කිරි­බත් සුවඳ මල් සුවඳ වර්ග තබා ඊශ්වර ලීලා­වෙන් ජප­කර ගන්න. දහ­ස්වර ඉක්ම­විය යුතුය. සතා, සිව්පාවා, යක්ෂ භූත, ගහ කොළ සහ සර්ව ජනයා තමාට ආක­ර්ෂ­ණය වනු ඇත.

හොරොව්පතාන, මොරකෑව
පුරාණ ගණදෙවි දෙවොලේ භාරකාර
ජ්‍යොතිෂ විද්‍යා විශාරද
කේ. එස්. එස්. යෝදින්ගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division