Home » පොලිස් ඉතිහාසයේ මත්ද්‍රව්‍ය වැටලීමකදී සොයාගත් වැඩිම මුදල මෙන්න

පොලිස් ඉතිහාසයේ මත්ද්‍රව්‍ය වැටලීමකදී සොයාගත් වැඩිම මුදල මෙන්න

by chanaka
January 18, 2025 9:10 am 0 comment

පොලීසිය විසින් කරන ලද වැටලීමකදී සොයාගත් වැඩිම මුදල් ප්‍රමාණය සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබේ.

ඒ අනුව, පොලිස් ඉතිහාසයේ ලැබුණු වැඩිම මුදල් ප්‍රමාණය ලෙස රුපියල් කෝටි 28කට අධික (ලක්ෂ 2,833ක්) මුදල් ප්‍රමාණයක්
අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙක් සම්බන්ධයෙන් කළ වැඩිදුර විමර්ශනයකදී සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබේ.

මෙම මුදල් අයත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මේ වනවිටත් බන්ධනාගාරයේ සිටින බවත්, සොයාගත් මුදල් බන්ධනාගාරයේ සිට මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාලයේ මුදල් බවත්, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.

එමෙන්ම මුදල් සමග වාහන දෙකක් අත්අඩංගුවට ගත් බවත්, ග්‍රාමීය ප්‍රදේශයක නිවසක මෙම මුදල් සඟවා තිබියදී සොයාගත් බවත්, වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division