Home » වතුකර පාසල්වලට ස්මාර්ට් පන්ති කාමර

වතුකර පාසල්වලට ස්මාර්ට් පන්ති කාමර

by chanaka
January 18, 2025 9:02 am 0 comment

මෙරට වතුකර පාසල් සඳහා ස්මාර්ට් පන්ති කාමර 60ක් ඉදිකිරීම වෙනුවෙන් ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සහ ඉන්දීය මහකොමසාරිස් සත්තෝෂ් ජා මහතා අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම පසුගියදා (16) සිදුවිය.

නුවරඑළිය, නුවර සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල වතුකර පාසල් සඳහා මෙම ස්මාර්ට් පන්ති කාමර ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර ඒ හරහා මෙරට වතුකර ප්‍රජාවන්හී ඩිජිටල් පරතරය පියවීම එහි අරමුණවේ.

මෙම ව්‍යාපෘතිය සඳහා ඉන්දීය රජයෙන් ත්‍යාගශීලී මුදල් ආධාරයක් ලෙස රුපියල් මිලියන 508ක් ලබා දී ඇති අතර මෙම ස්මාර්ට් පන්ති කාමර වෙනුවෙන් ශ්‍රී ලංකා රජය රුපියල් මිලියන 115ක මුදලක්ද වෙන් කර තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division