Home » ගාසා තීරයේ සටන් විරාමයකට ඊශ්‍රායල කැබිනට් අනුමැතිය – ඉරිදා සිට ක්‍රියාත්මකයි

ගාසා තීරයේ සටන් විරාමයකට ඊශ්‍රායල කැබිනට් අනුමැතිය – ඉරිදා සිට ක්‍රියාත්මකයි

by chanaka
January 18, 2025 9:01 am 0 comment

ගාසා තීරයේ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා වන ගිවිසුමකට අත්සන් තැබීමට ඊශ්‍රායල කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

කැබිනට් අමාත්‍යවරුන්, හමාස් සංවිධානය සමග ගිවිසුම්ගත වීමට සිය අනුමැතිය ලබාදුන්නේ පැය 6ක පමණ රැස්වීමකින් අනතුරුව බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය නිවේදනය කර තිබේ.

ඒ අනුව ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම ඉරිදා(19) සිට ආරම්භ කිරීමට නියමිතය.

යුද්ධය අවසන් කිරීමේ පළමු අදියර ලෙස සැලකෙන මෙම සටන් විරාමය හරහා, සති හයක කාලයක් තුළ ගාසා හි රඳවා සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 33 දෙනෙකු සහ ඊශ්‍රායල බන්ධනාගාර වල රඳවා සිටින සියළුම පලස්තීන කාන්තාවන් සහ දරුවන් නිදහස් කෙරේ.

කෙසේ නමුත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අද අලුයමද, ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාර වලින් පලස්තීනුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවයි.

ඒ අනුව සටන් විරාමය පිළිබඳව නිවේදනය කෙරුණු පසුගිය බදාදා දිනයේ සිට මේ දක්වා මියගොස් ඇති පලස්තීනුවන් සංඛ්‍යාව 119ක් දක්වා ඉහළ ගොස් ඇති බවද පැවසේ.

ඊජිප්තුව සහ අමෙරිකාවේ මැදිහත්වීමෙන් කටාර් රාජ්‍යයේ දෝහා අගනුවර පැවති සාම සාකච්ඡා වලින් පසු මෙම සටන් විරාමය පිළිබඳව නිවේදනය කෙරිණ.

නමුත් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පෙරේදා ප්‍රකාශ කළේ, හමාස් සංවිධානය විසින් ඇතැම් කොන්දේසි වෙනස් කිරීමට උත්සහ දරණ බැවින් ගිවිසුමට අත්සන් තැබීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දීම කල් දමන බවයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division