Home » අංශ පහක් ඒකාබද්ධ කරමින් ජනපතිගේ ඩිජිටල් දැක්ම මල් ඵල දරයි

අංශ පහක් ඒකාබද්ධ කරමින් ජනපතිගේ ඩිජිටල් දැක්ම මල් ඵල දරයි

by chanaka
January 18, 2025 8:59 am 0 comment

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ‘ඩිජිටල් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව ආරම්භ වූ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නව ඩිජිටල් පද්ධතිය ජනගත කිරීම ඊයේ (17) රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච් අබයරත්න මහතාගේ ප්‍රධානාත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී සිදුවිය.

මෙම නව ඩිජිටල් වේදිකාව රාජ්‍ය දෙපාර්තමේන්තු සහ පෞද්ගලික ආයතන කිහිපයක් සමග එක්ව අංශ පහක් යටතේ ඒකාබද්ධිත ක්‍රියාත්මක වනු ඇත.

එම නව ඒකාබද්ධ කිරීම හරහා වැඩිදියුණු කරන ලද සේවා සහිත දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය, විශ්‍රාමිකයින් සඳහා දුම්රිය ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ පද්ධතිය, වැන්දඹු සහ අනත්දරු ක්‍රමයෙහි ලියාපදිංචි කිරීමේ තොරතුරු පද්ධතිය, ප්‍රතිනිර්මාණය කරන ලද රාජ්‍ය සේවක අර්ථ සාධක අරමුදල් ක්‍රියාවලිය, විශ්‍රාමික මරණ වාර්තා කිරීමේ තොරතුරු පද්ධතිය (රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධිතය) යන අංශ පහ ක්‍රියාත්මක වේ.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ කාර්යයන් හා සේවාවන් වඩාත් කාර්යක්ෂම හා සුහදශීලිව විශ්‍රාමික පිරිස් වෙත ලබාදීම මෙම ඩිජිටල් පද්ධතීන් නිර්මාණය කිරීමේ අරමුණ වූ බව අමාත්‍යංශය පැවසීය.

You may also like

Leave a Comment