නාවික වෘත්තීය මානව සම්පත් පරිපාලන සේවා ක්ෂේත්‍රයේ ස්ත්‍රී පුරුෂ සමභාවිතාව වෙනුවෙන් පෙනී සිටින Centrum Marine Consultancy ආයතනය, පස්වැනි වරටත් පැවැත්වූ වාර්ෂික Maritime She EO සමුළුවේදී “Empowering Diversified Maritime Education” ගෞරව සම්මානයට පාත්‍ර විය. Peter Döhle Schiffahrts-KG සමඟ එක්ව දියත් කළ ‘She Can Sail the Seas’ කාන්තා සවිබල ගැන්වීමේ මූලිකත්ව වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ආරම්භ කළ නාවික කැඩෙට්වරියන් පුහුණු කිරීමේ ප්‍රයත්නය උදෙසා මෙම සම්මානය හිමිවිය. මෙමඟින් නාවික ක්ෂේත්‍රයේ ඇති ස්ත්‍රී පුරුෂ අසමතුලිතතාව අවම කිරීම සහ නාවික ක්ෂේත්‍රයේදී කාන්තාවන්ට ද සමාන අවස්ථා උදාකර දීම වෙනුවෙන් Centrum Marine Consultancy ආයතනයේ කැපවීම ඉතා හොඳින් පැහැදිලි වෙයි. Centrum Marine Consultancy සහ Peter Döhle Schiffahrts-KG ආයතන ද්විත්වය සාම්ප්‍රදායිකව පිරිමි ආධිපත්‍ය පැතිරී ඇති ක්ෂේත්‍රයක් තුළ සැබෑ සමානාත්මතාවය වර්ධනය කිරීමට ප්‍රගතිගාමී පියවරක් තබා තිබේ.
‘She Can Sail the Seas’ කාන්තා නාවික දායකත්වය බලගන්වයි
1K
previous post